ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක තත්ත්වය ඉතා අස්ථාවර මට්ටමක පවතින බවට ටජිකිස්තානයේ පැවති ආරක්ෂක සංවාදයේ ජාත්‍යන්තර ප්‍රජාවේ බොහෝ රටවල්හි අවධානයට යොමු විය.
වත්මන් පරිපාලනය ස්ථාපනය කිරීමෙන් පසු රට තුළ ත්‍රස්තවාදයේ වර්ධනයක් මතුව ඇති බවත් එය කනස්සල්ලට කරුණක් බවත් අදාල රටවල නියෝජිතයෝ පැවසූහ.
ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා උතුරු ඇෆ්ගනිස්ථානයේ සමන්ගන් ප්‍රාන්ත අගනුවර අල්-ජිහාඩි සෙමනේරියක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් එහි වගකිවයුත්තන් ගැන මෙතෙක් තහවුරු කරගැනීමක් ද සිදුකර නැත.ඉන් අවම වශයෙන් සිසුන් 10 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව තහවුරු වී තිබේ.වත්මන් පරිපාලනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට අනුව පිපිරීමේ වැරදිකරුවන් හඳුනා ගැනීමට ආරක්ෂක අංශ උත්සාහයන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.ක්ෂණික වගකීම භාර නොගැනීම නිසා පිපිරීමට වගකිව යුත්තේ කවුරුන්ද හෝ කුමන කණ්ඩායමද යන්න තහවුරු කර නැතත් එය අයිඑස්අයිඑස් සංවිධානයේ වගකීමට බැරව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
|