ඉන්දියාවේ පාසලක ළමුන්ට සැපයූ දිවා ආහාරයේ නයකුගේ මළකුණක්

1595

ආහාර ගත් සිසුන් 100ක් රෝගාතුර වෙලා

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පිහිටි මෝකමා නගරයේ පාසලක ළමුන් සඳහා ලබා දී තිබූ දිවා ආහාරයේ අන්තර්ගතව තිබූ මිය ගිය නයකුගේ මළ කුණක කොටස් විෂ වීම හේතුවෙන් පාසල් ළමුන් 100කට අධික සංඛ්‍යාවක් රෝගාතුර වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඉන්දීයාවේ ජාතික මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් අරඹා තිබේ. ඉකුත් අප්‍රේල් 24 වැනිදා බිහාර් ප්‍රාන්තයේ මෝකමා නගරයේ පිහිටි උප්ක්‍රමිත් මාධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් 500කට පමණ ලබා දී තිබූ දිවා ආහාරය මෙසේ කොටසකට විෂ වී ඇති බව වාර්තා වේ.

ඉන්දීය ජාතික මානව හිමිකම් කොමිසමට අනුව පාසලට දිවා ආහාරය සකස් කරන අරක්කැමියා විසින් ආහාර පිසිමින් සිටින විට උදුනකට නයකු වැටී ඇති අතර එම නයාගේ මළකුණ ඉවත් කර ඇතත් අරක්කැමියා විසින් එම ආහාර පාසල් ළමුනට ලබා දීමෙන් මෙම ආහාර විෂ වීම සිදුව තිබේ. එම ආහාර පරිභෝජනය කළ ළමුන් 100කට අධික පිරිසක් වමනය හා ක්ලාන්ත වීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා රෝහල්ගත කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ


advertistmentadvertistment