රජීව් ගාන්ධි මැරුවේ කවුදැයි නාලිනි ප්‍රියංකා ගාන්ධිට හෙළි කළා

1036

හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනය කළේ කවුද යන්න ගැන එම ඝාතනයේ වරදකාරියක්වූ නාලිනි විසින් ප්‍රියංකා ගාන්ධිට හෙළිකර ඇත.

2008 දී ප්‍රියංකා වෙල්ලෝර් සිරගෙදරට ගොස් නාලිනි හමුවූ අතර ඝාතනය කළේ කවුද යැයි නාලිනි හෙළි කළ විට ප්‍රියංකා හැඬූ බව ඉන්දීය පුවත් සේවය හෙළිකර තිබේ.

ප්‍රියංකා සහ නාලිනි එම තොරතුරු මාධ්‍යවලට හෙළිකර නැත. මේ අතර නාලිනිව නිදහස් කිරීම ගැන කොංග්‍රස් පක්‍ෂය දැඩි විරෝධය දක්වා තිබේ. නාලිනිට සමාව දුන්නේ සෝනියා ගාන්ධි මිස කොංග්‍රස් පක්‍ෂය නොවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැරදි සහගත බවත් කොංග්‍රස් නායකයකු ප්‍රකාශ කර තිබේ.

නාලිනි ඇතුළු රජීව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන්වූ සිව්දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිදහස් කර ඇත.රජීව් ගාන්ධි ඝාතනය කළ ධනු නමැති බෝම්බකාරිය සමීපයේ නාලිනි සිටින ඡායාරූපයක් ප්‍රකාශයට පත්වීමෙන් ඇය අත්අඩංගුවට ගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment