ලෝකය හමුවේ ශ්‍රී ලංකාව ඔසවා තබන අයවැයක්

100

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ අයවැය 2048 වසරේදී ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉහළට ඔසවා තැබීමට යන අයවැයක් බව එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

රට හමුවේ ඇති ආර්ථික අර්බුදය ජයගැනීමට ජනාධිපතිවරයා හැකි සියලුම ප්‍රයත්න දරමින් සිටින බවත් ඒ වෙනුවෙන් සියලු දෙනාම එකතු වී ජනාධිපතිවරයාට සහාය ලබාදිය යුතු බවත් අබේවර්ධන මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (14දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

ඉන්ධන හා ගෑස් නොමැතිව පසුගිය සමයේ රට වැටී තිබූ බවත් එම තත්ත්වයෙන් රට මුදාගැනීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවත් පැවසූ අබේවර්ධන මහතා ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ද්‍රව්‍ය සඳහාද ස්ථිරසාර වැඩපිළිවෙළක් සකස්කර ගෙන යන බව කීවේය.

රටේ පවතින සියලු ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා ජනාධිපතිවරයාගේ සංකල්පයක් මත ජාතික සභාවක් ඇතිකර තිබෙන බවත් එම සභාවට ඕනෑම පක්‍ෂයකට තමන්ගේ අදහස් ඉදිරිපත් කළහැකි බවත් එම අදහස් ඒකරාශී කරගෙන ජාතික වැඩපිළිවෙළක් සකස් කළ හැකි බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment