පේලේ නේමාර් ගෙන් කළ ඉල්ලීම

498

ලොව එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම පාපන්දු තරුවක් ලෙස සැලකෙන බ්‍රසීලයේ පේලේ මේ වන විට සිටින්නේ එතරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් නොවේ. වයස අවුරුදු 82ක් වන පේලේ පසුගිය දිනෙක මහ බඩවැල ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් රෝහල්ගතවද සිටියා. 1958, 1962 සහ 1970 වසරවල පාපන්දු ලෝක ශූරතාවය දිනූ බ්‍රසීල කණ්ඩායමේ ගෞරවනීය සාමාජිකයකු වූ පේලේ විසින් සිදු කරන ලද ඉල්ලීමක් නිසා බ්‍රසීල පාපන්දු පිටිය සංවේදීජනක වුණා. ඔහු එම ඉල්ලීම කර තිබුණේ වත්මන් බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙක් වන නේමාර් ගෙන්.

“ඔබ තවත් ලෝක කුසලානයකට සූදානම්ද? මම නම් සූදානම්. අපේ කණ්ඩායම නැවතත් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කරනවා දකින්නට මට ඇත්තටම ආසයි.”

පේලේ නේමාර් ගෙන් එසේ විමසා තිබුණා.

ලෝක කුසලාන පාපන්දු ශූරතාව වැඩිම ප්‍රමාණයක් ජයග්‍රහණය කළ කණ්ඩායම ලෙස බ්‍රසීලය ලෝකයේ පරසිදු වුවත් 2002 වසරෙන් පසුව ඔවුන් පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කර නැහැ. පේලේ සමග ජයග්‍රහණය කළ ලෝක කුසලාන 3ට අමතරව බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන දිනා ගෙන තිබූ වර්ෂ වන්නේ 1994 සහ 2002 වර්ෂයි. දශක දෙකකින් පසුව ඔවුන් පාපන්දු ලෝක කුසලානයක් ජය ගෙන නැහැ. එමෙන්ම පේලේට පසුව බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල් සංඛ්‍යාවක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස සටහන් වන්නේත් නේමාර්ය. වයස අවුරුදු 18දී බ්‍රසීලය වෙනුවෙන් තරග වැදීමට වරම් ලැබූ නේමාර් මේ වන විට තරග 117කදී එරට වෙනුවෙන් ගෝල් 71ක් රැස් කර ගෙන තිබෙනවා. පේලේ ගේ ඉල්ලීම ඉටු කිරීමට නේමාර් ප්‍රමුඛ බ්‍රසීල කණ්ඩායමට මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී හැකි වෙයිද යන්න එරට පාපන්දු රසිකයන් මහත් උනන්දුවෙන් බලා සිටිනවා.

advertistmentadvertistment
advertistmentadvertistment