ටයිටැනික් නැවේ සුන්බුන් ගවේෂණයට ගිය 5ක් සමග සබ්මැරීනයක් අතුරුදන්

493

ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණය කිරීම සඳහා සංචාරක ගවේෂණයක යෙදී සිටි සබ්මැරීනයක් ගිනිකොනදිග කැනඩාවේ වෙරළට ඔබ්බෙන් අතුරුදන් වී ඇති බව එම යාත්‍රාව මෙහෙයවන පෞද්ගලික සමාගම පවසයි.

අතුරුදන් වූ සබ්මැරීනයේ පස්දෙනකුගෙන් යුත් ගවේෂණ කණ්ඩායමක් සිට ඇති අතර දෙදෙනෙක් පාකිස්තාන ජාතිකයෝ වෙති. බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන හාමිෂ් හාර්ඩින් ද මේ ගමනට එක්ව තිබේ.

පාකිස්තාන ජාතික ෂාසාදා ඩාවුඩ් සහ ඔහුගේ පුත් සුලේමාන් අත්ලාන්තික් සාගරයේ ටයිටැනික් නෞකාවේ නටබුන් නැරඹීම සඳහා එක්ව තිබේ. මීටර් 3,800 ක (අඩි 12,500ක) ගැඹුරකින් සුන්බුන් වෙත කිමිදීම ඇතුළුව දින අටක සංචාරයක් සඳහා මෙම සබ්මැරීනයේ එක් අයකුගෙන් ඩොලර් 250,000 ක් අයකර තිබේ.

යාත්‍රාව සෙවීමේ කටයුතු සඳහා ගුවන් යානා දෙකක් සහ සබ්මැරීනයක් යොදාගෙන ඇති බව ඇමෙරිකානු හා කැනේඩියානු බලධාරීන් පවසා තිබේ. සබ්මැරීනය මුහුදට කිමිදීමෙන් මිනිත්තු 45කට පමණ පසු එම යාත්‍රාව සමග තිබූ සම්බන්ධය නැති වූ බව එක්සත් ජනපද වෙරළාරක්ෂක බළකාය කියයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment