විද්‍යුත් ජාතික හැඳුනුම්පත් සකස් කිරීම විදෙස් රටක් සමග ගිවිසුම්ගතවීමෙන් ශ්‍රී ලාංකිකයන්ගේ දත්ත දැඩි අවදානමට ලක්වන බවට විරෝධතා එල්ලවීමෙන් පසු එම දත්ත වෙනත් ආකාරයකින් එම රටට ලබාගැනීමේ අවදානමක් ඇතැයි වාර්තා වේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට විද්‍යුත් හැඳුනුම්පත ලබාදීම සඳහා අවශ්‍ය මෘදුකාංගයක් හඳුන්වාදීමේ කටයුතු මෙරට සමාගමක් හරහා මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත. එසේ තිබියදී එම මෘදුකාංගය සමග ඵදිසච නමින් වන තවත් මෘදුකාංගයක් හරහා KYC (Know Your Customer) නමැති මෘදුකාංගයෙන් එම රටට ලබාදී එම පද්ධතිය සතු දත්ත රජයේ සහ පෞද්ගලික ආයතන වෙත ලබාදීමේ උත්සාහයක් ඇති බවට ද වාර්තා වේ.
මේ වන විටත් එරට පිරිසකගේ සහභාගිත්වයෙන් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බවත් Mosip KYC මෘදුකාංගය එලෙස ලබාදීමෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට සම්බන්ධ සියලු දත්ත ඒ ඔස්සේ ඔවුන් වෙත යාහැකි බවත් මෘදුකාංග ක්‍ෂේත්‍රයේ නියැළෙන්නෝ පෙන්වා දෙති.
මේ අතර එම මෘදුකාංගය සූදානම් වනතුරු ලාංකික මෘදුකාංගය මගින් ඩිජිටල් හැඳුනුම්පත ලබාදීම ප්‍රමාදවීමේ ලකුණු ද පහළ විය හැකි බව එම ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. මෙම KYC මෘදුකාංගය අදාළ රටේ සමාගමක් හරහා පමණක් නිපදවීමට පිරිවිතර සකස් කිරීමටත් ලාංකික සමාගමකට එයට සම්බන්ධවීමට නොහැකි වන ආකාරයට එම විදෙස් රටේම පුවත්පතක පළ කිරීමටත් යන බවද එම ක්‍ෂේත්‍රයේ නිරත වන අය කියා සිටිති.
චමින්ද සිල්වා