උද්ධමනය ඉහළට

7

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් මාර්තු මාසයේදී පැවති සියයට සෘණ 1.9 සිට පසුගිය අප්‍රේල් මාසයේදී සියයට සෘණ 0.8 දක්වා වැඩි වී ඇත.

එසේම ඉකුත් මාර්තු මාසයේ සියයට 0.8ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී සියයට 2.9 දක්වා වැඩි වී තිබේ. එසේම ඉකුත් මාර්තු මාසයේ සියයට සෘණ 4.1ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පසුගිය අප්‍රේල් මාසයේදී සියයට සෘණ 3.7ක් දක්වා වැඩි වී ඇත.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ (21දා) නිකුත් කළ නවතම වාර්තාවක් මගින් මේ තොරතුරු අනාවරණය කර තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment