අනතුරට පත් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී කන්ටේනර් රථ 40 කට රැඳවුම් ගාස්තු ලෙස රුපියල් කෝටි දෙකක් වැඩිපුර ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලමින්, ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ ඊයේ (24දා) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අදාළ නෞකාවේ අපද්‍රව්‍ය, වත්තල තාවකාලික අංගණයක සිට පමුණුගම ගබඩා අංගණයට ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත් කන්ටේනර් හතළිහකට රැඳවුම් ගාස්තු ලෙස මෙලෙස කෝටි දෙකකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා ඇති බව සමුද්‍රීය ආරක්ෂණ පරිසර අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කර ඇති බව ජාතික විගණන කාර්යාලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ව ඇතැයි ද පැමිණිල්ල ඉදිරිපත් කරමින්, පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා සඳහන් කළේය.
සුජීව තත්සර