ජාත්‍යන්තර ක්‍රිකට් නීති සම්පාදනය කරන සුප්‍රකට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (Marylebone Cricket Club – MCC) නව ලෝක ක්‍රිකට් සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර මහතා පත් කර තිබේ.
මෙතෙක් එම ධුරයේ කටයුතු කළ එංගලන්ත හිටපු ක්‍රිකට් නායකයකු වන මයික් ගැටින්ග් වෙනුවට සංගක්කාර මහතා පත් වූයේය. සංගක්කාර මහතා මීට පෙර මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
සෞරව් ගංගුලි, හේදර් නයිට්, ජස්ටින් ලැන්ගර්, ඔයින් මෝර්ගන් හා ග්‍රැහැම් ස්මිත් වැනි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝද මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුව නියෝජනය කරති. මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ විස්තර විචාරකයකු හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන මාර්ක් නිකලස් ද පත් වී තිබේ.