එල්.පී.එල්. පාවාදීමට බංග්ලාදේශ ජාතිකයා 31දා තෙක් රිමාන්ඩ්

33

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ (එල්.පී.එල්.) තරග පාවාදීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ බංග්ලාදේශ ජාතික තම්මි රහමන් ලබන 31දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (22දා) නියෝග කළේය.

දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු වන එකී සැකකරුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විදේශ ගමන් තහනමක් පනවා තිබියදී රහසිගතව රටින් පිටව යෑමට උත්සාහ දැරූ අවස්ථාවේදී ඊයේ (22දා) කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment