මේ වනවිට මෙරටින් කොවිඩ් – 19 වෛරස ආසාදිතයන්ගේ දෛනිකව වාර්තාවීම පහළ අගයක් ගෙන ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය සැර බාලවීම නිසා බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛi, හේමන්ත හේරත් මහතා දිවයින ඉරිදා සංග්‍රහයට ප්‍රකාශ කළේය.ජනතාවගෙන් බහුතරයක් කුමන හෝ එන්නත් මාත්‍රා කිහිපක් ගෙන තිබීමත්, ඒ ඔස්සේ ලැබෙන ප්‍රතිශක්තිකරණයන් නිසාවෙන් ශ්‍රී ලංකාවට කොවිඩ් සහනයක් උදාවී තිබීම සතුටුදායක තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය. ඒ අනුව දිනකට හමුවන කොවිඩ් රෝගීන් ගණන 20කට වඩා අඩු වී ඇතැයි ද පැවසීය.කොවිඩ් නිරෝධාය මධ්‍යස්ථාන අවම වී ඇති බවත් එනමුත් ක්‍ෂණිකව පැමිණියහැකි හදිසි අවස්ථාවන් වෙනුවෙන් ඒවා සූදානම්ව පවතින බවත් වෛi හේමන්ත හේරත් මහතා පැවසීය. දැන් රටේ කොවිඩ් නැතැයි යන අදහසේ නොසිට මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු නිබඳව ආරක්‍ෂා කළ යුතු බවඳ අවධාරණය කළේය.
සුජීව තත්සර