පෙම්වතා කොටුවෙයි
පයාගල වෙරළේ ඛේදවාචකයක්:
සිය පෙම්වතියගේ හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ සැකකාර පෙම්වතා ඊයේ (30 දා) අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ පයාගල, පහලගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරණියගලගේ තරුෂී සෙව්මිණි නමැති 19 හැවිරිදි තරුණියකි.
එම යුවල පෙරේදා (29) රාත්‍රි පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ කතා බස් කරමින් සිට ඇත. එහිදී දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසු පෙම්වතා විසින් පෙම්වතියගේ හිසට ගලකින් පහරදී ඇති බව සැකකරුගේ ප්‍රකාශවලින් හෙළිව ඇතැයි ද පොලිසිය කීය.
සැකකරු තම මිතුරකුට දැනුම් දී පෙම්වතියව 1990 සුවසැරිය ගෙන්වා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ අලුයම මියගොස්
ඇති බවත් සඳහන් වෙයි. කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු ද පරීක්ෂණ සිදුකරති. පයාගල, මග්ගොන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. පයාගල ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර ජයසේකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ඩී. ආර්. පී. අලුත්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක ඔස්මන් ද සිල්වා, කොස්තාපල්වරුන් වන (77827) සහ ජයරත්න (101523) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.
වාද්දුව සුමිත් පොතුපිටිය