කාගිල්ස් GO GREEN බෑගය නව මුහුණුවරකින් එළි දක්වයි

95

නව මුහුණුවරකින් නිර්මාණය කරන ලද කාගිල්ස් GO GREEN බෑගය දැන් සියලුම කාගිල්ස් සුපිරි වෙළඳසල් (Cargills FoodCity,Cargills Express and Cargills Food Hall) වලින් ලබා ගත හැකි බව කාගිල්ස් නිවේදනය කරයි.

නවීන සුපිරි වෙළඳසල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන කාගිල්ස් 2007 වර්ෂයේදි නැවත භාවිතා කළ හැකි බෑගයක් හදූන්වාදෙමින් එම ක්ෂෙත්‍රයේ ප්‍රථමයා බවට පත් විය.

කාගිල්ස් විසින් ප්‍රතිනිර්මාණය කරන ලද GO GREEN බෑගය පාරිසරික හානි ඇති කරනු ලබන පොලිතින් බෑග් ක්‍රමය ඉවත් කිරීමේලා ගන්නා ලද උත්සාහය නිසා අඛණ්ඩ කැපවීම තව දූරටත් පිළිබිඹු කරන්නකි. ආනනය කරන ලද පොලිතින් බෑග් රටින් පිටරටට විදේශ මුදල් ගලායාමටද හේතුවක් වේ. මෙම කටයුත්ත පරිසර හිතකාමී පාරිභෝගික පුරුදූ තවදූරටත් දිරිමත් කිරීමටත්, වරක් පමණක් භාවිත කෙරෙන පොලිතින් බෑග් මත යැපිම අවම කිරීමටත් වන සමාගමේ පුළුල් උපාය මාර්ගයේ තවත් වැදගත් පියවරකි.

නොවින ලද පොලි ප්‍රොපිලින් වලින් සකස් කරන ලද කාගිල්ස් GO GREEN බෑගය කල් පවතින බෑගයක් මෙන්ම නැවත භාවිත කළ හැකි එකක්ද වන අතර කිලෝ ග්‍රෑම් 5 දක්වා බරක්ද ගෙනයා හැකිය. අතින් සේදිමට හෝ රෙදි සෝදන යන්ත්‍ර භාවිතයෙන් සෝදා පිරිසිදූව තබාගත හැකි නිසා එය භාවිතයටද පහසුවේ. එමෙන්ම නවාතබා ගත හැකි ආකාරය නිසා පහසුවෙන් සාක්කුවක දමාගෙන වුවද රැගෙන යා හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment