දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28දා) පැවති මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාව නියෝජනය කළ කාලිංග කුමාරගේට හිමිවිය.
ඔහු තරගය අවසන්කිරීම සඳහා තත්පර 45.55ක දක්ෂතාවක් දැක්වූ අතර තත්පර 45.33කින් මෙම ඉසව්ව අවසන් කළ කටාර් රාජ්‍යයේ අමර් ඊබ්‍රහිම් විසින් මෙහි රන් පදක්කම දිනා ගනු ලැබීය.
එහි රිදී පදක්කම ජපානයේ කෙන්ටාරෝ සාටෝ දිනා ගැනීඹට සමත් විණ.
මෙම ශූරතාවලිය ඊයේ (27දා) ආරම්භ වූ අතර එය ලබන 31වනදා දක්වා දකුණු කොරියාවේ ගුමි හිදී පැවැත්වෙනු ඇත.