පවතින ධාරානිපාත වර්ෂාවත් සමග කැලණි ගඟ ඊයේ (02 දා) පෙරවරුවේ බියගම පට්ටිවිල ප්‍රදේශයෙන් පිටාර දමා ඇත.

මේ හේතුවෙන් පූගොඩ කොළඹ ප්‍රධාන මාර්ගය පට්ටිවිල සහ මාබිම බියගම ප්‍රදේශවලින් ජලයෙන් යට වීමෙන් ගමනාගමන පහසුකම් බිඳවැටී ඇත.

කැලඹුණු කාලගුණයෙන් ජන දිවිය දෙදරයි

බියගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ බියගම දකුණ, මාබිම, පට්ටිවිල, මල්වාන, යබරළුව, වල්ගම යන ග්‍රාම නිලධාරි වසම්හි පහත්බිම්වල නිවාස මේ වනවිට ජලයෙන් යටවී ඇති බව බියගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමත් කල්පනා අමදෝරු මහත්මිය කීවාය.

කැලඹුණු කාලගුණයෙන් ජන දිවිය දෙදරයි

කැලණි ගඟ බියගම පට්ටිවිල ප්‍රදේශයෙන් පිටාර දමා කොළඹ පූගොඩ ප්‍රධාන මාර්ගය ජලයෙන් යවවී ගමනා ගමනයට බාධා ඇති වී ඇති අයුරු.

කැලඹුණු කාලගුණයෙන් ජන දිවිය දෙදරයි

රත්නපුර පොලිසිය ඉදිරිපිට

පිංතූරය – නිශාන්ත වික්‍රමසිංහ
බියගම – සුදත් පුබුදු කීර්ති, දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන

අගලවත්තේ නායයෑමකින් නිවසක් මුළුමණින්ම විනාසයි

කැලඹුණු කාලගුණයෙන් ජන දිවිය දෙදරයි

අගලවත්ත බෙල්ලන නිවසක් ඊයේ (02දා) අලුයම 2.00ට පමණ නිවස ආසනයේ තිබූ කන්දක් නාය යෑමෙන් සම්පූර්ණයෙන්ම විනාශව ඇත.

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 834 ග්‍රාම සේවා වසමෙහි ආඳාදොල පෙදෙසෙහි පදිංචි බෙල්ලන විදානෙලාගේ සෝමසිරි යන අයගේ නිවස මෙලෙස නායයෑමෙන් විනාශ වී ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත අඛණ්ඩව අධික වැසි තත්ත්වය පැවතීම පිළිබඳ අවධාණය යොමු කළ සෝමසිරි මහතා පවුලේ සාමාජිකයන් ද සමග අසන්න ඥාති නිවසකට නායයෑමට පැය කිහිපයකට පෙර ආරක්ෂාව සඳහා යෑම හේතුවෙන් මෙහිදී ජීවිත හානි

රැසක් සිදුවීමට තිබූ ඉඩහසර ඇහිරී ඇත්තේ අවදානම් කලාපයන්හි පදිංචිව සිටිනා සියලුම ජනතාවට පූර්වාදර්ශයක් ලබාදෙමිනි.

මෙම ආඳාදොල ප්‍රදේශයේ තවත් නිවාස තුනක් ද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අර්ධ හානීවලට ලක්ව ඇත.

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා ඒකකය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
මතුගම විශේෂ – අනුර ජයසේකර

අකුරැස්සෙත් පාරවල් යටවෙයි

කැලඹුණු කාලගුණයෙන් ජන දිවිය දෙදරයි

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා අකුරැස්ස මොරවක නගර ජලයෙන් යටවී ඇති අතර අකුරැස්ස හක්මන අකුරැස්ස පස්ගොඩ මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා ඇතිවී ඇත.
සමන් උපුල් පිනිදිය – අතුරලිය, ඉඳුනිල් තාරුකා පිනිදිය

කිරිඳිවැල පැපිලියවලත් ජලයෙන් යටවෙයි

කැලඹුණු කාලගුණයෙන් ජන දිවිය දෙදරයි

ඊයේ (02දා) කිරිඳිවැල – හංවැල්ල ප්‍රධාන මාර්ගයේ පැපිලියවල මංසන්දියේ සිට නැදුන්ගොල්ල ප්‍රධාන මාර්ගයේ දියවාල – කිරිඳිවැල මංසන්දියේ වෙලේවත්ත ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබූ අයුරු.
කිරිඳිවැල – සෝමපාල තැලිගම

කඹුරුපිටියේ රෝහලටත් දැඩි බාධා

කැලඹුණු කාලගුණයෙන් ජන දිවිය දෙදරයි

පවතින අධික වර්ෂාව නිසා අකුරැස්ස කඹුරුපිටිය මාර්ගය ජලයෙන් යටවීම නිසා කඹුරුපිටිය රෝහලේ සේවය කරන කර්ය මණ්ඩලය දැඩි දුෂ්කරතාවලට පත්වී ඇත.

සේවය නිම වී නිවස්වලට යා නොහැකිවීම, සේවයට වාර්තා කිරීමට නොහැකිවීම නිසා රෝහල් කාර්ය මණ්ඩල අපහසුතාවයට පත්ව ඇත. ඡායාරූපයෙන් දැක්වෙන්නේ කඹුරුපිටිය රෝහල අවට ජලයෙන් යටවී තිබූ අයුරු හා රෝහලට පැමිණෙන අතුරු මාර්ගය ජලයෙන් යටවී ඇති අයුරුයි.
සමන් උපුල් පිනිදිය – අතුරලිය, ඉඳුනිල් තාරැකා පිනිදිය

මතුගම, අගලවත්ත, වලල්ලාවිටත් යටවෙයි

කැලඹුණු කාලගුණයෙන් ජන දිවිය දෙදරයි

නොකඩවා ඇදහැලෙන අධික වැස්ස නිසා ඇතිවූ ගංවතුරින් පස්යොදුන් කෝරළයේ මාර්ග රැසක්ම ජලයෙන් යටවීමෙන් ගමනාගමන කටයුතු අඩාලවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට ලක්ව ඇත.

මතුගම, අගලවත්ත, වලල්ලාවිට, පාලින්දනුවර, දොඩන්ගොඩ හා බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ඇති ප්‍රධාන හා අතුරු මාර්ග පද්ධතියන් නොකඩවා ඇද හැලෙනා වැසි තත්ත්වය හේතුවෙන් ගංවතුරින් 70%ක් පමණ යටව පවතී.

විශේෂයෙන් මතුගම සිට බුලත්සිංහල, කලවාන, අළුත්ගම (හොරවල හා යටදොල හරහා), හොරණ (නෑබඩ හා කලවැල්ලාව හරහා) යන ප්‍රධාන මාර්ගයන් ස්ථාන රැසකින්ම ගංවතුරින් යටවීමෙන් ගමනාගමන කටයුතු අඩාලවීම සිදුව ඇත. විශේෂයෙන් පොදු ප්‍රවාහන සේවයන් අඩාලවීමෙන් ජනතාවට දෛනිකව අවශ්‍යතාවයන් මෙන්ම රැකියා සඳහා ද යෑමට නොහැකි තත්ත්වයට පත්ව ඇත. එසේම කළුතර දිස්ත්‍රික්කයේ පස්යොදුන් කෝරළයේ ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගයන් වන තේ හා රබර් වැවිලිකරුවන් වගා කටයුතු මෙන්ම තේ දලු ප්‍රවාහනය අඩාලවීමෙන් දැඩි දුෂ්කරතාවනට ලක්ව ඇත.

මතුගම විශේෂ – අනුර ජයසේකර


විශාල මාර ගසක් පානදුර දුම්රිය මාර්ගයට කඩාවැටේ

පානදුර දුම්රිය ස්ථානයට නුදුරින් විශාල ගසක් දුම්රිය මාර්ගයට කඩාවැටීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුවිය.

ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් පැවති වර්ෂාවද නොතකා ගස කපා ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කරන ලදී.

වාද්දුව – සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment