කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවෙයි

717
ඩෙල්මා ආයතනයේ නිර්මාතෘ ලේල්වල ජී පියනන්ද මහතාව පිළිගනිමින්...

කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවීම නිමිත්තෙන් ඒ ගැන දැනුවත් කිරීමේ මාධ්‍ය උත්සවයක් පසුගියදා ඩෙල්මා ලංකා සමාගම විසින් පවත්වන ලදී.

ඩෙල්මා ලංකා ආයතනයේ නිර්මාතෘ ලේල්වල ජී. පියනන්ද මහතා කළමනාකාර අධ්‍යක්ෂක උමේෂ් ගොඩකන්ද මහතා, අධ්‍යක්ක්‍ෂිකා චතුරිකා ජයසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් ලෙස ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්‍රාල් මහතා සහ ජේ්‍යෂ්ඨ නීතිඥ සුනිල් වටගල මහත සහභාගි විය.

කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවෙයි

කැලින් ආයතනයේ වෙළෙඳ නියෝජිතයින්, වෙළෙඳ හවුල්කරුවන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි විය.

තවද කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක්ද මේ අවස්ථාවට සහභාගී විය.

කැලීන් වෙළඳ සන්නාමයට වසර 5ක් පිරීම නිමිත්තෙන්, කැලීන් baby සබන් සඳහා SLS සහතිකය හිමිවීම වෙනුවෙන්, නවතම බේබි සබන් නිෂ්පාදන 10ක් වෙළෙඳපලට ඉදිරිපත් කිරීම වෙනුවෙන්, කැලීන් ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන සුවඳ සබන් නිෂ්පාදනය බවට පත්වී වසර දෙකක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවෙයි

ඔක්තෝම්බර් පළවෙනිදා යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව කැලීන් බේබි සබන් සඳහා නව සත්ව රූප 10ක් අඩංගු සබන් නිෂ්පාදන පෙළක්ද වෙළඳපළට ඉදිරිපත් කිරීමට මෙහිදී කටයුතු යොදා තිබිණි.

කැලින් Baby Almand, Floral, කොහොඹ යන සබන් හා සත්ව රූප හැඩ 15කින් එන Milky” Creamy, Olive යන සියලු‍ම බේබි සබන් SLS තත්ත්ව සහතිකය හිමිකරගෙන තිබිණි. කැලින් Baby සබන් මිල රු.90/- සිට පාරිභෝගිකයින්ට දැන් වෙළඳ පොලෙන් මිලදී ගත හැක.

කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවෙයි

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට නිසි ප්‍රමිතියෙන්, ගුණාත්මකභාවයෙන් යුතු හොඳම සබන් කැටය පාරිභෝගිකයාට ලබාදීම කැලින් ආයතනයේ අරමුණ බව මෙහිදී අනාවරණය විය.

කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවෙයි
කැලින් බේබි සබන් සඳහා SLS සහතිකය හිමිවෙයි

කැලින් බේබි සබන් මේ වන විට SLS Certified

(ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS 547 තත්ත්ව සහතිකය හිමිව ඇත.) TFM අගය සියයට 78% ට වඩා වැඩියි. ISO 9001 (2015 Certified Company ISO GMP 22716( 2007 Certified Company NMRA Registered’. (ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර ඇත.) IFRA Approved Perfumes (ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමයේ අනුමත සුවඳකාරක පමණක් භාවිත කෙරේ.) ISO EMS 14001 Certified’ HACCP Certified’ හානිදායක රසායනික ද්‍රව්‍ය කිසිවක් එකතුකර නැත යන අනුමැතීන් සහ තත්ත්ව සහතිකයන්ද හිමිකරගෙන තිබේ.


advertistmentadvertistment