චිකන්ගුන්‍යා නම් වූ මදුරුවන් මගින් බෝවන රෝගය පාලනයකින් තොරව වසංගත තත්ත්වයක් දක්වා ව්‍යාප්තව පවතින්නේ ඒ පිළිබඳව සිදුකළ යුතු රසායනාගාර පරීක්ෂණ සිදු නොකිරීම හේතුවෙන් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය සඳහන් කරයි.
චිකන්ගුන්‍යා මදුරු ගහන හඳුනාගත හැකි වන්නේ රෝගීන් නිශ්චිතව හඳුනාගැනීමෙන් පමණක් බවත් දැනට චිකන්ගුන්‍යා හඳුනාගැනීම සඳහා කිසිදු රෝහලකට අදාළ පරීක්ෂණ කට්ටල ලබාදී නැතැයි ද එම ආයතනයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ චිකන්ගුන්‍යා හඳුනාගැනීම සඳහා පී. සී. ආර්. පරීක්ෂණ සිදු කිරීමේ පහසුකම තිබුණ ද ප්‍රතික්‍රීයක කට්ටල නොලැබීම හේතුවෙන් එම පරීක්ෂණ නවතා දමා ඇතැයි පවසන ඒ මහතා රෝගීන්ට කලට වේලාවට ප්‍රතිකාර නොලැබීම සංකීර්ණ රෝග ලක්ෂණ ඇතිවීමේ ප්‍රවණතාව වැඩිවීම මෙන්ම රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම ද මේ වනවිට සංකීර්ණ වී ඇතැයි ද කියා සිටී.
චිකන්ගුන්‍යා, මදුරු වෛරස් රෝගය, Aedes, Aegypti සහ Aedesalbopictus යන මදුරු විශේෂ මගින් බෝවන බවත් මෙම රෝගය සුවවීමට ලක්වූවන් පසු අවස්ථාවන්ගේදී සෑදෙන ආතරයිටීස් හන්දිපත් රුදාව සහ හන්දි ඉදිමීම වැනි දීර්ඝකාලීන අපහසුතාවයන්ට ලක්වීම හේතුවෙන් එම තත්ත්වය රටේ ශ්‍රම බළකායට විශාල ලෙස බලපෑම් ඇති කරන බව ද රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර