කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර් මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණය හස්රත් මුණසිංහ මහතා, ආයතනික ශාඛාවේ ප්‍රධාන කළමනාකාරිනී – රුවිනි සමරසිංහ මහත්මිය සහ බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ නියෝජිතයින් නව ආයතනික ශාඛාව (පහළ) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ අයුරු.
ආයතනික සහ වෙළෙඳ ගනුදෙනුකරුවන්ට පුළුල් මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා තම කැපවීම නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව සිය ‘විදේශ ශාඛාව’ ‘ආයතනික ශාඛාව’ බවට පරිවර්තනය කර ඇත.
මෙම පරිවර්තනය බැංකුවේ කීර්තිමත් ගමනේ නව සන්ධිස්ථානයක් නියෝජනය කරන අතර එය ආසියානු කලාපයේ ජනප්‍රිය වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස දිගු කලක් පැවතුන කොළඹ නගරයේ පොහොසත් වාණිජ උරුමය සමඟ අනුනාද වන බව බැංකුව ප්‍රකාශ කරයි.
කොළඹ 1, ශ්‍රීමත් රසීක් ෆරීඩ් මාවතේ (බ්‍රිස්ටල් වීදිය) අංක 21 දරන ස්ථානයේ කොමර්ෂල් හවුස් හි බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ පිහිටි නැවත නම් කරන ලද ආයතනික ශාඛාව ආයතනික ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සඳහා පමණක් සකස් කරන ලද ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයක් වන බවත් මෙය ශ්‍රී ලංකාවේ මෙවැනි ආකාරයේ සේවාවක් සපයන පළමුවැන්න ලෙස සැලකෙන බවත් බැංකුව පැවසුවේය. මෙම පරිවර්තනය අසමසම සේවා විශිෂ්ටත්වය, අභිරුචිකරණය කරන ලද මූල්‍ය විසඳුම් සහ දිගුකාලීන ව්‍යාපාරික හවුල්කාරිත්වයන් පෝෂණය කිරීමෙහිලා බැංකුවේ දැක්ම සමඟ සමපාත වේ.
“අපගේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය තුළ පිහිටා ඇති ඩෙල්ෆ් ගේට්ටුව ඓතිහාසික ලන්දේසි කොටුවට මාර්ගය විවෘත කළ ආකාරයට අපගේ අභිලාෂය වන්නේ නව ආයතනික ශාඛාව ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඔබ්බට විහිදෙන සමෘද්ධිමත් ව්‍යාපාරික සහයෝගීතාවයේ නව යුගයක් නිර්මාණය කරනු ඇති බවයි,” මෙම මුලපිරීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා අදහස් දැක්වීය.