ගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවන් යළි රිමාන්ඩ්

35

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවූ සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකාර වෙඩික්කරු ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

සැකකරු එදින හඳුනා ගැනීමේ පෙරටුවකට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියම කළ අතර සිද්ධිය සම්බන්ධයෙන්ම අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවූ සැකකාර රියදුරු වූ මහේෂ් සම්පත් නමැත්තා මේ මස 23 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරුණි.

රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ දැඩි ආරක්ෂක විධි විධාන මැද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරියගේ නිලමැදිරිය තුළට ඉදිරිපත් කරනු ලැබීය. සැකකාර වෙඩික්කරු රෙද්දකින් ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


advertistmentadvertistment