ගැරඬිඇල්ල මාරක අනතුර ! මිය ගිය ගණන තවත් ඉහළට

258

UPDATE – පෙ: ව 11.24 –රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 ක් දක්වා ඉහළ ගොස් තිබේ. රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද ( 11 ) අලුයම සිදුවූ අනතුරින් පෙරවරු 11.00 වන විට මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 18ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ . එමෙන්ම බස් රථයේ රියැදුරුද , අනතුරෙන් මියගිය පිරිස අතර සිටින බව වාර්තා වේ . කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථය අද අලුයම 4.30ට පමණ නුවරඑලිය, ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබිණි. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කොත්මලේ ප්‍රාදේශීය රෝහල, නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත්, ඉන් තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවත් පොලිසිය පවසයි.


advertistmentadvertistment