ගුරුවරිය සහ සැමියා කෝටියක හෙරොයින් එක්ක මාට්ටු

2371


පොසොන් සමය ඉලක්ක කර ගනිමින් අනුරාධපුරයට පැමිණෙන මත්ද්‍රව්‍ය ලෝලීන්ට මත්කුඩු බෙදා හැරීමට සූදානම්ව සිටිල අනුරාධපුර නගර මධ්‍යයේ ඇති ප්‍රධාන පාසලක පුහුණු ගුරුවරියක් සහ ඇගේ සැමියා රුපියල් කෝටියකට ආසන්න හෙරොයින් මත්කුඩු තොගයක් සහ එය ප්‍රවාහනය කල කාන්තා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වාරියපොල පදිංචි 26 හැවිරිදි එම ගුරුවරිය, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ඇගේ සැමියා වනල අනුරාධපුර සංචාරක නිවාඩු නිකේතනයක සූපවේදී සහායකවරයකු ලෙස කටයුතු කරන අයෙකු බවත්ල එම සැකකරු සහ සැකකාරිය අනුරාධපුර පූජා නගරයේ කුට්ටම් පොකුණ ආසන්නයේ නිවසක තාවකාලිකව නවාතැන්ගෙන සිට ඇති බව පොලිසිය සඳහන් කළේය.


advertistmentadvertistment