මන්නා රමේෂ් ඩුබායි හිදී අත්අඩංගුවට

594

පාතාල කල්ලි සාමාජිකයකු වන ‘මන්නා රමේෂ්’ නමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බවට මෙරට ආරක්ෂක අංශ වෙත නිල වශයෙන් දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

පසුගිය දා ඔහු ඩුබායිහි පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා විය. ඒ බව ඩුබායිහි විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම්දී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

ඒ අනුව ඔහුව මෙරටට ගෙන ඒම සඳහා ඉදිරියේදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එරටට යෑමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අවිස්සාවේල්ල සහ ඒ ආසන්න ප්‍රදේශවල සිදුවූ මිනිස් ඝාතන ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මෙරට පොලිසිවලට අවශ්‍යව සිටි ‘මන්නා රමේෂ්’ නමැත්තා ඩුබායිහි සැඟව සිටින බව වාර්තා විය. ඔහු මෙරටට භාරදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිස් ශාඛාව හරහා ඩුබායි පොලිසියෙන් ඉල්ලීමක් කර තිබුණි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment