ඡන්දයට වියදම් කළ හැටි 27 දා රෑ දොළහට පෙර ඉල්ලයි

13

පළාත් පාලන මැතිවරණය සඳහා තරග කළ සියලුම අපේක්ෂකයින් එම අපේක්ෂකයින් නියෝජනය කරනු ලැබූ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ ස්වාධීන කාණ්ඩායම් නායකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම වියදම් වාර්තා මෙම මස 27 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00ට පෙර තරග කරනු ලැබූ පළාත් පාලන ආයතනවල තේරීම් භාර නිලධාරින් වෙත භාරදිය යුතු බැව් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ ආදායම වියදම් වාර්තා භාරදිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

මැතිවරණ ප්‍රචාරණ ආදායම වියදම් වාර්තා භාර ගැනීම සඳහා සියලුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල විශේෂ ඒකක සාමාන්‍ය රාජකාරි දිනවල පස්වරු 6.00 දක්වා සහ 27 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා විවෘතව තැබීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත. 27 වැනිදා රාත්‍රි 12.00ට පෙර මැතිවරණ ප්‍රචාරණ ආදායම වියදම් වාර්තා ලබා නොදෙන අපේක්ෂකයින් සම්බන්ධයෙන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුකූලව නීත්‍යනුකූලව කටයුතු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලලිත් චාමින්ද


advertistmentadvertistment