ඡන්දය ගැන කතාකරන්න පක්‍ෂ ලේකම්වරුන්ට මැ.කො. ස. එන්න කියයි

54

පළාත් පාලන මැතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මැතිවරණයට තරග කළ සියලු දේශපාලන පක්‍ෂවල ලේකම්වරුන් ලබන 23 වැනිදා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

ලබන 23 වැනිදා පෙරවරු 10.00ට මැතිවරණ කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය. මැතිවරණ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය හා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡා කර අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

රනිල් ධර්මසේන


advertistmentadvertistment