වෛද්‍ය විද්‍යාවේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙනා ජයවර්ධනපුර වෙදැදුරෝ
ප්‍රොස්ටේට් සහ වකුගඩු රෝගීන්ගේ ජීවිත එළිය කරන ජයවර්ධනපුර රෝහලේ වෙදැදුරෝ
ත්‍රිමාණ තාක්ෂණයෙන් නිතිපතා වකුගඩු රෝගීන් සුවපත් කරන ශ්‍රී ලංකාවේ එකම රෝහල
ජයවර්ධනපුර රෝහලේ වෙදැදුරෝ වෛද්‍ය විද්‍යාවේ නව තාක්ෂණය ශ්‍රී ලංකාවට ගෙන එයි
බි්‍රතාන්‍යයේ සිහසුන දැරීමට දශක ගණනාවක් බලා සිටි චාල්ස් රජු රෝගාතුර වූයේ ඔටුනු පලඳා වසරක් ගතවීමටත් පෙරය. ඔහුට වැලඳී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථ (ප්‍රොස්ටේට්) ආශ්‍රිත පිළිකාවකි. එම රෝගී තත්ත්වය වෛද්‍යවරු විසින් හඳුනාගනු ලැබුවේ පසුගිය ජනවාරියේදීය. ලන්ඩන් නුවර රෝහල්ගතවී සිටි චාල්ස් රජුගේ රෝගී තත්ත්වය ගැන මුලදී වෛද්‍ය නිගමනය වූයේ පුරස්ථි ග්‍රන්ථ ඉදිමුමක් හෝ විශාල වීමක් හැටියටය. එය පුරස්ථි ග්‍රන්ථ පිළිකා තත්ත්වයක් බව හෙළි වූයේ පසුවය.
චාල්ස් රජුගේ ප්‍රොස්ටේට් පිළිකාව හෙළිදරව් වනවිට ඔහුට අවුරුදු 75ක් වුවත් මේ තත්ත්වයට ගොදුරුවීමට එතරම් වයසට යායුතු නැත. පිරිමි පාර්ශ්වයට පමණක් අනන්‍ය වූ මේ පුරස්ථි ග්‍රන්ථ ඉදිමුම සැබැවින්ම සිදුවන්නේ මැදිවියට එළැඹීමත් සමගය. නොඑසේ නම් අවුරුදු 40 පැන්නාට පසුවය. මුල් අදියරේදී මුත්‍රා පිටවීමේ අවහිරතාවක් පමණක් පෙන්නුම් කරන ප්‍රොස්ටේට් ග්‍රන්ථිය විශාලවීම පිරිමින් අතර ඉතා සුලබය. එබැවින්ම ඇතැමුන්ට රෝගයක් වුවත් තවත් සමහරුන්ට නම් එය වයසට යෑමත් සමග ඇතිවන තත්ත්වයකි. එහෙත් වෛද්‍ය මතය වන්නේ සැලකිලිමත් නොවූයේ නම් එය පිළිකාවක් දක්වා වර්ධනය විය හැකි බවය. දැන් දැන් ශ්‍රී ලංකාවේ වැඩිහිටි පිරිමින් අතරත් පුරස්ථි ග්‍රන්ථ ඉදිමුම ගැන වැඩිපුර කතාබහට ලක්වෙයි. එමෙන්ම ඊට ප්‍රතිකාර කිරීමට යොමුවීමේ ප්‍රවණතාවද පෙරටත් වඩා වැඩිය. වැදගත්ම කාරණාව වන්නේ අතීතයේ මෙන් නොව වර්තමානයේදී මේ ‘පිරිමි ලෙඩේ’ ට සාර්ථකව ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ශ්‍රී ලංකාවට හිඟයක් නැතිවීමය.
පුරස්ථි ග්‍රන්ථ රෝගී තත්ත්වයට සාර්ථකව ප්‍රතිකාර කරන ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මුත්‍රාශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න මහතා ඒ අතුරින් කැපී පෙනෙන්නේ laparoscopic donor nephrectomy සහ රොබෝ තාක්ෂණ සහයෙන් සැත්කම් සිදුකිරීම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමීව කටයුතු කිරීම හේතුවෙනි. ඔහු ඉන්දීය පරිත්‍යාග සහ බද්ධ කිරීමේ පදනමේ සම නිර්මාතෘවරයාද වේ. වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න මෙරට ජනතාව අතර දැනුවත්භාවය සඳහා අවයව පරිත්‍යාගශීලීන් සඳහා කාඩ්පත් වැඩසටහන ස්ථාපිත කිරීමට මූලිකව කටයුතු කළේය.
වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න ප්‍රධානත්වය ගත් විවිධ කර්තව්‍යයන් ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවන අතර ඔහු ඉන්ද්‍රීය පරිත්‍යාග කිරීම හා බද්ධ කිරීම පිළිබඳ සහයෝගිතා සන්ධානය සඳහා වන ජාත්‍යන්තර සාමුහිකයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකාවේ දියුණු අවයව බද්ධ කිරීමේ සැත්කම්වලට සහ මුත්‍රාශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ඔහු සතු දැඩි කැපවීම තුළින් අප්‍රමාණ වූ ජීවිත සංඛ්‍යාවක් බේරාගැනීමට සමත් වූවා පමණක් නොව, ඒ අතින් කලාපයේ නැගී එන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමටත් හේතු විය.
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මුත්‍රාශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමේ ඒකකය විවිධාකාර මුත්‍රාශ්‍රිත රෝග තත්ත්වයන්ට සාර්ථක ප්‍රතිකාර සපයනු ලබයි. ලේසර් කිරණ සැත්කම් මගින් මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඉවත් කිරීම, ප්‍රොස්ටේට් ග්‍රන්ථ ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර ලබාදීම සහ වකුගඩු හා පුරුෂ ලිංගයේ විවිධ තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබාදීම ඒ අතර වේ. මීට අමතරව වකුගඩු සහ මුත්‍රාශය ඇතුළුව පුරස්ථි ග්‍රන්ථ පිළිකා සම්බන්ධව ප්‍රතිකාර කිරීමේ විශේෂඥයෝද වෙති. එමෙන්ම ශ්‍රී ජයර්ධනපුර මහ රෝහලේ මුත්‍රාශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමේ ඒකකය එම රෝහලේ බාහිර රෝගී සායනවල කොටසක් ලෙසත් ක්‍රියාත්මක කරමින් ලිංගික සෞඛ්‍ය සේවාවන්ද සපයනු ලැබේ. එම ප්‍රතිකාර සඳහාම කැපවූ කාර්යමණ්ඩලයකින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මුත්‍රාශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමේ ඒකකය සමන්විත වන අතර රෝගීන්ගේ පෞද්ගලිකත්වය සහ වෘත්තියට විශ්වාසනීයත්වයෙන් යුතු රැකවරණය සලසාලමින් ලිංගික සෞඛ්‍ය ගැටලු රැසකටත් විසඳුම් සපයනු ලබයි. පුරස්ථි ග්‍රන්ථ ආශ්‍රිත රෝගාබාධ සම්බන්ධව පමණක් නොව වකුගඩු බද්ධ කිරීමේ සේවාවන්ද එම ඒකකයෙන් ලබාදෙන අතර ඉදිරියේදී වකුගඩු හා අග්න්‍යාශ බද්ධ කිරීමේ ඒකාබද්ධ ක්‍රමවේදයන් හඳුන්වා දීමට දැනටමත් සැලසුම් කර ඇත. එය මෙරට මුත්‍රාශ්‍රිත රෝග සඳහා සිදුකරනු ලබන ප්‍රතිකාරවල සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමක්ද වනු නිසැකය.
පුරස්ථි ග්‍රන්ථිය විශාලවීමේ ලක්ෂණ පෙන්නුම් කළද එය දරුණු රෝගී තත්ත්වයක් කරා ඇදීයනු ඇතැයි නොසිතන පිරිමින්ද සමාජයේ බහුලව සිටිති. මුත්‍රා පිටවීමේ අවහිරතා මෙන්ම නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවට මුහුණපා සිටිය ද එය වැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක් ලෙස නොපෙනෙන්නේ එය වේදනාවක් දැනෙන රෝග තත්ත්වයක් නොවීම හේතුවෙනි. බොහෝවිට සිදුවන්නේ මූත්‍රා පිටකිරීමේ අවහිරතාව නිසා තරමක පීඩාවට පත්වීම පමණි. එහෙත් පසුකාලීනව රෝගය උත්සන්නවීමට හේතු විය හැකි බව වෛද්‍ය වාර්තාවලින් කියැවේ. පුරස්ථි ග්‍රන්ථිය විශාලවීමේ රෝගී තත්ත්වය බියවීමට කාරණාවක් හෝ මූත්‍රා පිටවීමේ අවහිරතාව ලැජ්ජාශීලීව වසංකිරීමට හෝ කිසිදු හේතුවක් නැති බව වෛද්‍යවරු අවධාරණය කරති. මන්ද එය එතරම් බහුල රෝගී තත්ත්වයක් බැවිනි.
අමෙරිකාවේ නම් බහුල පිළිකා රෝග අතුරින් පුරස්ථි ග්‍රන්ථි පිළිකාව දෙවැනි වන්නේ චර්ම පිළිකාවට පමණි. එරට පිළිකා සංසදයේ තක්සේරුවකට අනුව අමෙරිකාවේ සෑම පිරිමින් අටදෙනකුගෙන් අයකු පුරස්ථි ග්‍රන්ථි පිළිකා රෝගියෙකි. වාර්ෂිකව පුද්ගලයෝ දෙලක්ෂ හැටඅටදහසක් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවට අලුතින් ගොදුරු වෙති. ඒ අතුරින් මිලියන 3.1ක පමණ පුද්ගලයන් පිරිසක් පුරස්ථි ග්‍රන්ථි පිළිකාවෙන් ජීවිත බේරාගැනීමට වාසනාවන්ත වී ඇතැයි ද අන්තර්ජාලයේ සඳහන් වේ.
චාල්ස් රජුගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාව ලොවට අනාවරණය වූයේ මෑතකදී වුවත් ඊට පෙර එවැනි තත්ත්වයන්ට ගොදුරු වූ ලෝක ප්‍රකට පුද්ගලයන් ගැන අන්තර්ජාලයේ තොරතුරු එමටය. දකුණු අප්‍රිකාවේ හිටපු නායක නෙල්සන් මැන්ඩෙලා, හොලිවුඩ් සිනමාවේ සුපිරි නළු රොබට් ඩී. නිරෝ, බි්‍රතාන්‍ය නළු ශ්‍රීමත් ඉයන් මැක්ලේන්, අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරුන් වන කොලින් පවෙල් සහ ජෝන් කෙරී පමණක් නොව ජේම්ස් බොන්ඩ් චිත්‍රපට තුළින් ප්‍රේක්ෂකයන් අතරට ගිය රොජර් මුවර් ඒ අතර වෙති. ඒ හැර තවත් ප්‍රකට පුද්ගලයන් විශාල පිරිසක් පුරස්ථි ග්‍රන්ථි ඉදිමුමට සහ ඒ ආශ්‍රිත පිළිකා රෝගී තත්ත්වයන්ට මුහුණපා ජීවිත බේරාගැනීමට සමත් වී තිබේ.
මෙරට ජන සමාජයේ වැඩිපුර කතාබහට ලක් නොවූවත් පුරස්ථි ග්‍රන්ථි ඉදිමුමට සහ ඒ ආශ්‍රිත පිළිකා තත්ත්වයන්ට ගොදුරු වූවෝ අපමණ වෙති. එවැනි රෝගී තත්ත්වයන් සම්බන්ධව අනුදැනුමකින් තොරව ‘ගොඩ වෙදකම්’ සඳහා යොමු වූවන්ද නැත්තේ නොවේ. රෝගය පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් හෝ අවබෝධයක් නොමැතිවීමද ඊට එක් හේතුවකි. එහෙත් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මුත්‍රාශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමේ ඒකකය පුරස්ථි ග්‍රන්ථි විශාලවීම හා ඒ ආශ්‍රිත පිළිකා තත්ත්වයන් සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ දිගු කාලයක සිටය.
මෑත කාලීනව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ මුත්‍රාශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමේ ඒකකය අත්කරගත් සාර්ථකත්වය ඉහළින්ම කැපී පෙනෙන්නකි. වසර 2021දී ඔවුන් වකුගඩු බද්ධ කිරීම් 52ක්ම සිදුකරමින් මෙරට අංක එකේ අවයව බද්ධ කිරීමේ ඒකකය ලෙස විශාල පිළිගැනීමකට ලක්විය. එපමණක් නොව පසුගිය වසරේදී පමණක් ආසන්න වශයෙන් සැත්කම් දහසකට සහ දෙදහසකට වැඩි ැබාදිජදචසජ ක්‍රියාවලියකද නිරත වූ අතර බාහිර රෝග ප්‍රතිකාර අංශයේදී රෝගීන් 4000කට වැඩි පිරිසකට ප්‍රතිකාර ලබාදී තිබේ.
සැබැවින්ම දැඩි ආර්ථික අර්බුදයක් වැනි අභියෝගාත්මක කාලයක සීමිත සම්පත් ප්‍රමාණයක් සහිතව රෝගීන්ට උපරිම අයුරින් ප්‍රතිකාර ලැබීම සහතික කිරීම සඳහා දිවා රෑ නොබලා කැපවීමෙන් යුතුව කටයුතු කරන පළපුරුදු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් පස්දෙනකුගෙන් යුතු කණ්ඩායමක් මේ සාර්ථකත්වයට දායකත්වය ලබාදී ඇත.
යම්කිසි බද්ධ කිරීමේ සැත්කමක සාර්ථකත්වයට ශෛල්‍යකර්ම සම්බන්ධ නිපුණත්වය පමණක් ප්‍රමාණවත් නොවේ. විශ්වාසනීයත්වය, දයානුකම්පාව සහ බැඳීම පෙරදැරි කරගත් කැපවීමකින් යුතුව කටයුතු කරන කණ්ඩායමක් අවශ්‍යය. සමස්ත ක්‍රියාදාමය පුරා වකුගඩු පරිත්‍යාගශීලියා හා එය ලබන්නාගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සහතික කිරීම වෙනුවෙන් මේ සෑම සාමාජිකයකුම අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරති.
නිදන්ගත වකුගඩු රෝග යනු ශ්‍රී ලංකාවේ එක්තරා ආකාරයක නිහඬ වසංගතයකි. ජීවිත අවදානම සහිත මේ රෝගයට ආසන්න වශයෙන් එක්ලක්ෂ පනස්දහසක පමණ පිරිසක් ගොදුරු වී සිටින අතර ඉන් විසිදහසක පමණ පිරිසක් හඳුනාගත නොහැකි වකුගඩු රෝගයකට ගොදුරු වී සිටීම දැඩි අවධානය යොමු විය යුතු කරුණකි. වාර්තාවලට අනුව නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරුවීමෙන් ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පවුල් තුන්දහසකට පමණ ඔවුන්ගේ සමීපතමයන් අහිමිවන පසුබිමක එකම විකල්පය වකුගඩු බද්ධ කිරීම පමණි.
රෝගීන්ට වඩාත් සුරක්ෂිත සහ සැපපහසු සැත්කම් සිදුකිරීමට හා සේවාව පුළුල් කිරීමට රෝහලේ මුත්‍රාශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමේ ඒකකය මේ වනවිට උසස් තාක්ෂණය භාවිත කිරීමටද සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාවේ පළමු වරට වකුගඩු – අග්න්‍යාශ බද්ධ කිරීමේ ක්‍රියාවලිය ඉදිරියේදී එම ඒකකය මගින් සිදුකිරීමට නියමිත වැදගත්ම සැත්කමකි. මේ පෙරළිකාර ක්‍රියාවලිය සඳහා එහි කාර්යමණ්ඩලයේ සාමාජිකයෝ දෙදෙනකු ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරදී විශේෂ පුහුණුවක්ද ලබා සිටිති.
වකුගඩු – අග්න්‍යාශ බද්ධ කිරීමේ සැත්කමෙන් රෝගියාට ලැබෙන ප්‍රතිලාභ රැසකි. විශේෂයෙන් පළමු වර්ගයේ පසුවන දියවැඩියා රෝගීන්ට සහ අවසන් අදියරේ පසුවන වකුගඩු රෝගීන්ට විශේෂිතය. එමගින් ඉන්සියුලින් එන්නත් සහ ඩයලිසිස් අවශ්‍යතාව ඉවත්කරගැනීමට හැකියාව පවතී. දියවැඩියාව ආශ්‍රිත සංකූලතා ඇතිවීමේ අවදානමත් අවම කිරීමේ හැකියාවද පවතී. මීට අමතරව රොබෝ යන්ත්‍ර භාවිත කරමින් අවයව බද්ධ කිරීමට ඇති හැකියාවද එම රෝහලේ මුත්‍රාශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමේ ඒකකය මේ වනවිට ගවේෂණය කරමින් සිටී. එය දැනටමත් සෞදි අරාබියේ රියාද් නුවර රෝහලක සාර්ථකව අත්හදා බැලූ ක්‍රමවේදයකි.
සෞදි අරාබියේ රියාද් නුවර කිංග් ෆයිසාල් විශේෂඥ රෝහලේදී පසුගියදා පූර්ණ රොබෝ තාක්ෂණික හදවත් බද්ධ කිරීමේ සැත්කමක් සාර්ථකව සිදු කරනු ලැබුවේ වෛද්‍ය විද්‍යාවේ නව පිටුවක් පෙරළමිනි. මේ සැත්කමට මුහුණ දුන්නේ 16 හැවිරිදි සිසුවෙකි. දරුණු හෘදයාබාධයකින් පීඩා විඳිමින් සිටි සිසුවාට සැත්කම සිදුකර ඇත්තේ හදවත අකර්මණ්‍ය වීමේ අවසන් අදියරේ පසුවූ බැවින් ජීවිත අවදානමද ඉහළ මට්ටමක තිබූ අවස්ථාවකදීය. එම සැත්කම සඳහා පාසල් සිසුවා තෝරාගෙන ඇත්තේ සිය හදවත විවෘත කිරීමකින් තොරව සැත්කම සිදුකිරීමට ඔහු විසින් කරනු ලැබූ ඉල්ලීම හේතුවෙන් බවත්, සැත්කමට පෙර දින තුනක් පුරා අඛණ්ඩව 7 වතාවක් ඒ සඳහා පුහුණුවීම්වල නිරතවෙමින් අත්හදාබැලීම් සිදුකළ බවත් සැත්කම සිදුකළ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි හෘද රෝග ශෛල්‍ය වෛද්‍ය ආචාර්ය ෆෙරස් කලීල් සඳහන් කර ඇතැයි වැඩිදුරටත් වාර්තා විය. සැත්කමට ගත වූ කාලය පැය දෙකහමාරකි. මුළුමනින්ම රොබෝ තාක්ෂණය ඔස්සේ සිදුකළ මේ විශ්මිත සැත්කම රියාද් නුවර රෝහලේ වෛද්‍ය කණ්ඩායම දැඩි අවධානයෙන් යුතුව සැත්කම අධීක්ෂණය කර තිබිණි. වෛද්‍ය විද්‍යාවේ නව තාක්ෂණික පෙරළිය ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මුත්‍රාශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමේ ඒකකය මගින් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ අවස්ථාව වැඩි ඈතක නොවන බව ඉඳුරාම පැවැසිය හැකිය.
දැනටමත් එම ඒකකය මගින් රෝගීන්ට වඩාත් ආරක්ෂිත හා පහසු ආකාරයෙන් සැත්කම් කිරීමට ඉහළ තාක්ෂණය භාවිත කරමින් සිටී. එය සිදු වන්නේ ත්‍රිමාණ ලැපරොස්කොපික් පද්ධති හා රොබෝ තාක්ෂණයෙන් යුතු අතක් වැනි උපකරණයක් භාවිතයෙනි. එය විශාල කැපුම් වෙනුවට ඉතා කුඩා කැපුම් පමණක් සිදුකරමින් සැත්කම කිරීමේ හැකියාව පවතින තාක්ෂණයකි. එමගින් රෝගීන්ට දැනෙන වේදනාවද ඉතා අවම වේ. සුවපත් වීම වේගවත් වීම හේතුවෙන් වැඩි කාලයක් රෝහල්ගතව සිටීමටද අවශ්‍ය නොවේ. කැපුම් ඉතා කුඩාවීම හේතුවෙන් ආසාදන තත්ත්වයන්ට ලක්වීමේ අවදානමද පවතින්නේ අවම මට්ටමකය. ඒ අනුව වකුගඩු සැත්කම්වලදී ත්‍රිමාණ තාක්ෂණය නිතිපතා භාවිත කරන ශ්‍රී ලංකාවේ එකම රෝහල බවටද ශ්‍රී ජයවර්ධනපුර ජාතික රෝහල පත් වී ඇත්තේ මුත්‍රාශ්‍රිත රෝග සහ අවයව බද්ධ කිරීමේ ශෛල්‍ය වෛද්‍ය නිරෝෂන් සෙනෙවිරත්න ඇතුළු වෛද්‍ය කාර්යමණ්ඩලයේ කැපවීම තුළිනි.
රංගන ප්‍රසාද් කහවල