ඩුබායි සිට කුඩු ජාවාරමකුගෙන් ගම්පහ HQI ට මරණ තර්ජන

113

ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ‘කෙහෙල්බද්දර පත්මේ’ නමැති ප්‍රධාන පෙළේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ඩුබායි සිට දුරකථනයෙන් මරණීය තර්ජන එල්ල කර තිබේ.

‘යුක්තිය’ මෙහෙයුමේදී ගම්පහ පොලිසිය මගින් ප්‍රාදේශීය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධව පොලිස් පරීක්‍ෂකවරයාට මෙසේ මරණීය තර්ජන එල්ල කර ඇතැයි පොලිස් මූලස්ථානයේ නිලධාරියෙක් ‘දිවයින’ට ඊයේ (28 දා) පැවසීය.

මෙම සැකකරු අයිස් මත්ද්‍රව්‍ය සමග ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

‘උඹ අපේ හිතවතෙක් අත්අඩංගුවට ගත්තා. වැඩිය දඟලන්න එපා. උඹේ ජීවිතය ගැන කල්පනාකාරී වෙයන්’ යැයි එසේ පොලිස් ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජන එල්ල කර තිබේ.

සිද්ධිය සම්බන්ධව පොලිස් මූලස්ථානය විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්‍ෂණ අරඹා තිබේ.
නෝමන් පිළිහවඩන


advertistmentadvertistment