ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ඩයනාගේ නඩුව යළි විභාගයට

440

තීන්දුව දෙන්න තිබුණේ ඊයේ

විනිසුරු මඬුල්ල බෙදෙයි

රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිභාවය ඇති අයකු වන බැවින් ඇය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල ලක්මාල් හේරත් මහතා විසින් ගොනුකර තිබු රිට් ආඥා පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නැවත විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (25 දා) තීරණය කළේය.

එම පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව මෙතෙක් විභාග කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන ද්විපුද්ගල විනිසුරු මඬුල්ල හමුව් ඊයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි. තමන් හා සහෝදර විනිසුරු බෙදුණු තීන්දුවක් ලබාදීමට තීරණය කර ඇති බැවින් එය ප්‍රකාශයට පන්නොකර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ නැවත විභාගයට ගැනීමට තීරණය කළ බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කර, එකී විවාදය ලබන සැප්තැම්බර් 21 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ඩයනාගේ නඩුව යළි විභාගයට

පෙත්සම්කාර ඔෂල හේරත් මහතා වෙනුවෙන් නීතිඥ හෆිල් පාරිස් මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක


advertistmentadvertistment