තායි ගුවන් මගියාගේ රසකැවිලි අස්සේ කෝටි 8ක කුෂ්

67

රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියකු ඊයේ (19 දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 21 හැවිරිදි තායිලන්ත ජාතික තරුණයෙකි. මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිල දී ගෙන, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්. -179 දරන ගුවන් යානයෙන් ඊයේ (19 දා) අලුයම 12.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහාය.

ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු තුළ වූ රසකැවිලි අඩංගු පැකට් කීපයක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි ග්‍රෑම් 910ක ප්‍රමාණයක් සඟවා ගෙන සිටියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

කටුනායක ටී.කේ.ජී.කපිල


advertistmentadvertistment