දරුණු පසුබෑමකින් පසු ගිය වසරේ සියයට 5ක ආර්ථික වර්ධනයක්

125

2024 ආර්ථික විවරණ වාර්තාව මහ බැංකු අධිපති ජනපතිට පිළිගන්වයි

මේ වනවිට ආර්ථිකය සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇතත් තව බොහෝ දුරක් යා යුතුව ඇතැයි ඊයේ (07දා) නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ දැක්වේ.

වසර දෙකකට පෙර අත්විඳින ලද දරුණුතම පසුබෑමෙන් පසුව ගිය වසරේදී (2024) ආර්ථිකය ස්ථාවර ලෙස යන තත්ත්වයට පත් වෙමින් සියයට 5ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ බව ද එම වාර්තාවේ දැක්වේ.

2017 වසරෙන් පසුව ප්‍රථම වතාවට කාර්තු හතරේම දළ දේශීය නිෂ්පාදිතයෙහි ධන වර්ධනයක් 2024 වසරේදී වාර්තා කළ බව ද එහි සඳහන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2024 වර්ෂය සඳහා වන වාර්ෂික ආර්ථික විවරණ වාර්තාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගන්වන ලදී.

මෙම සියයට 5ක ආර්ථික වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන්ම කර්මාන්ත අංශයේ දායකත්වය හේතු වූ බව ද එහිදී නිෂ්පාදන සහ ඉදිකිරීම් කර්මාන්තවල වර්ධනය කැපී පෙනුණු බව ද මහ බැංකු විවරණ වාර්තාවේ තවදුරටත් දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment