හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වූ දිලුම් අමුණුගම මහතා මව්බිම ලංකා පක්‍ෂයේ ජාතික සංවිධායක ලෙස පත්කර ගෙන ඇත.
දිලුම් අමුණුගම මහතා ඉකුත් රජයේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. ඒ මහතා ඊයේ (26දා) මව්බිම ලංකා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතා හමුවීමෙන් පසු එම පක්‍ෂයේ ජාතික සංවිධායක ලෙස පත්කර තිබේ.
මේ සම්බන්ධයෙන් මව්බිම ලංකා පක්‍ෂයේ නායක දිලිත් ජයවීර මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ දූෂණ චෝදනා නැති පිරිස තම පක්‍ෂයට සම්බන්ධ කර ගන්නා බවත් ඉදිරියේදී එවැනි තවත් කිහිපදෙනකු පක්‍ෂයට සම්බන්ධ කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත්ය.
චමින්ද සිල්වා