දෙහිවල – ගල්කිස්ස විපක්‍ෂ නායක ධුරය චමල් සංජීවට

2388

මෙරට දෙවැනි විශාලතම මහ නගර සභාව වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ විපක්ෂ නායක ධුරයට සමගි ජන බලවේගයේ රත්මලාන ආසන සංවිධායක විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා නම් කිරීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

වෛද්‍ය චමල් සංජීව මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ද ඉදිරිපත් වූ අතර එහිදී රත්මලාන ආසනයෙන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය හා සමාන ඡන්ද ප්‍රතිශතයක් මෙම පළාත් පාලන මැතිවරණයේදී ලබා ගෙන ඇත. පළාත් පාලන මැතිවරණයේදී එම සභාවට සජබය නියෝජනය කරමින් තේරීපත්වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 10 කි.


advertistmentadvertistment