පස් කන්දක වැදී රථය නවතියි 4දෙනකුට තුවාල
නුවරඑළියේ සිට මඩකළපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට පත්වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව්දෙනකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව වලපනේ පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
පෙරේදා (13දා) පස්වරු 6.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නුවරඑළිය – වලපනේ ප්‍රධාන මාර්ගයේ මහඌව වංගුව ප්‍රදේශයේදීය.
මඩකළපුව ප්‍රදේශයේ සිට නුවරඑළිය ප්‍රදේශයට සංචාරයකට පැමිණ ආපසු මඩකළපුව දක්වා එම පිරිස රැගත් බස් රථය ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ ඉදිරිපස වම් රෝදය ගැලවී යෑමෙන් පසු බස් රථය රියැදුරුගේ පාලනයෙන් මිදී බස් රථය මාර්ගයේ වම් පස කන්දක ගැටී බස් රථය නතර වී ඇත.
බස් රථය අනතුරට පත් ස්ථානය අධික බෑවුම් සහ වංගු සහිත මාර්ගයක් බවත් එම ස්ථානයේ මීට පෙර බරපතළ රිය අනතුරු අගණනාවක් සිදු වී ඇති බවත් ප්‍රදේශවාසීහු කියා සිටියහ.
අනතුර වන අවස්ථාවේ බස් රථයේ මගීන් 60 දෙනකු පමණ සිටි බව ප්‍රදේශවාසීහු කීහ.
අනතුර පිළිබඳව වලපනේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
නුවරඑළිය – නාලක රත්නායක