ඕස්ට්‍රේලියාවේ බි්‍රස්බේන් නුවරදී පැවති සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ 19න් පහළ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති එක්දින තරගයේදී ලකුණු 55ක සුපිරි ජයක් ලබාගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්වූහ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
19න් පහළ කාන්තා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 159ක් රැස්කළ අතර කණ්ඩායමේ වැඩිම ලකුණු සංඛ්‍යාවකට හිමිකම් කීවේ ලකුණු 39ක් ලබාගත් සුමුදු නිසන්සලායි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ නවසීලන්ත කාන්තා පිල පන්දුවාර 35කදී සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 104ක් පමණි.
චමුදි ප්‍රබෝධා ලකුණු 24ට කඩුලු 4ක් සහ ලිමන්සා තිලකරත්න ලකුණු 31කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වූවාය.
නවසීලන්ත 19න් පහළ කණ්ඩායම සමග එක්දින තරග තුනකට සහභාගිවීමට නියමිතය.
සුසිල් ජයකොඩි