නිහතමානී 01 අනතුරින් ධීවරයින් තිදෙනෙක් අතුරුදන්

158

ලංකා මුහුදු තීරයට මුහුදු සැතපුම් 270ක් පමණ දුරින් ජාත්‍යන්තර මුහුදේ දී නෞකාවක ගැටී අනතුරකට ලක්වූ ධීවරයින් 07 දෙනෙකු ගමන් කළ නිහතමානී 01 නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙක් අතුරුදන්ව ඇතැයි ගාල්ල වරාය පොලීසිය පවසයි.මෙම ධීවර යාත්‍රාව නෞකාවේ ගැටී පෙරළී ගොස් තිබුණි.

ගාල්ලෙන් හමුදු ගිය මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ අලුයම් කාලයේ අනතුරට ලක්ව තිබුණි.එහිදී ධීවරයින් 04 දෙනෙකු වෙනත් ධීවර යාත්‍රාවකින් බේරාගෙන තිබුණි.

අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 28, 43 සහ 52 හැවිරිදි වයස්වල පසුවන අහුංගල්ල හා කොස්ගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

අතුරුදන් වූ ධීවරයින් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති අතර බේරාගත් ධීවරයින් ගොඩබිමට රැගෙන ඒමට කටයුතු සුදානම් කර ඇතැයි ගාල්ල වරාය පොලීසිය සහ නාවික හමුදාව සඳහන් කරයි.


advertistmentadvertistment