සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක නුවරඑළිය ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පත්කර තිබේ. එම පත්වීම් ලිපිය විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ලබාගත් අවස්ථාව. සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එම අවස්ථාවට එක්විය.
තම පියාණන් වූ ගාමිණි දිසානායක මැතිතුමන් එදා දේශපාලන ගමන ඇරඹූ නුවරඑළිය පුරවරයේ ජනතාව උදෙසා කළ හැකි මෙහෙවර දිවි හිමියෙන් සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවසීය. වතු කම්කරුවන්ගේ දුක් ගැනවිලි, ඔවුන්ගේ ජීවිත පිළිබඳ තමාට අවබෝධයක් ඇති බව පැවසූ දිසානායක මහතා නුවරඑළිය සශ්‍රීකත්වය හා ජනතාවගේ යහපත උදෙසා තම කැපවීම සිදු කරන බවද මේ සඳහා ඉඩ ලැබීම දෛවෝපගත සිදුවීමක් බවද පත්වීම ලබාගැනීමෙන් පසු ඔහු මාධ්‍ය හමුවේදී කීය.