කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව වාර්තා වේ .
අදාළ පළාත් පාලන ආයතනවල එළඹන මැයි 6 වැනිදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද වීම ඊට හේතු වී යැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි..
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ, මේ වන විට ඒවායේ නඩු තීන්දු අධ්‍යනය කරමින් මුද්‍රණාලයට දැනුම් දීමට කටයුතු සිදු කරමින් පවතින බවයිපළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට දින නියම කර තිබේ.
එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකියි.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතන 227 ක තැපැල් ඡන්ද පත්‍රිකා මේ වන විට බෙදා අවසන් කර ඇත.
|