වසර තුනකට අධික කාලයක් තිස්සේ විසුරුවා හැර තිබෙන පළාත් සභා නවයේ සභාපතිවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සහ වියදම් කප්පාදු කිරීමට රජය පියවර ගෙන ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
එම චක්‍රලේඛය අනුව පළාත් සභා සභාපතිවරයකුට එක් වාහනයක්, රියැදුරන් දෙදෙනකු ද මාසික ඉන්ධන දීමනාව ලීටර් 150 දක්වා ද අඩුකිරීමට පියවර ගෙන ඇත.
පළාත් සභා සභාපතිවරයකුට නිල වාහන තුනක් ලබාදී තිබූ අතර පෞද්ගලික කාර්යමණ්ඩලය හයදෙනකු ද මාසික ඉන්ධන දීමනාව ලීටර් 1800 ක් දක්වා ද මෙතෙක් ලබාදී තිබුණි.
ශිරාන් රණසිංහ