පෑන් ඒෂියා බැංකුව, රොටරි සමාජය සමග එක්ව අක්ෂි සායනයක් දියත් කරයි

44

සැබවින්ම ශ්‍රී ලාංකේය බැංකුව පෑන් ඒෂියා බැංකුව, රොටරි සමාජය කැලණිය සමඟ එක්ව මාතර ප්‍රදේශය ආශ්‍රිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් සුවිශේෂී අක්ෂි සායනයක් දියත් කළ අතර, ඒ අනුව පෑන් ඒෂියා බැංකුවේ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩ සටහනක් අති සාර්ථකව දියත් කෙරිණි.

මෙරට කීර්තිමත් අක්ෂිවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගියදා මාතර නීතිපති කාර්යාලයේදී පැවැත්වුණු මෙම අක්ෂි සායනයට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා උපදේශනය, අක්ෂි පරීක්ෂාව, ඇස් කණ්ණාඩි හා කාච ලබා දීම ඇතුළු සේවාවන් රැසක් ලබා දීම සිදු කෙරිණි.

පෑන් ඒෂියා බැංකුව, විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ගෙන් සැදුම් ලත් විශාලතම ගනුදෙනුකාර ජලය හිමි පෞද්ගලික බැංකුව ලෙස හඳුන්වා දිය හැකි අතර, මෙම සුවිශේෂී අක්ෂි සායනය සඳහා මාතර පෑන් ඒෂියා බැංකුව හා සම්බන්ධ විශ්‍රාමික ගනුදෙනුකරුවෝ 100කට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment