අධික වේගයෙන් ධාවනය කරන වාහනවල වේගය පරීක්ෂා කිරීම සඳහා ‘වේගමාපක’ යන්ත්‍ර තිහක් කඩිනමින් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයිනට පැවසීය.
මෙම වේගමාපක යන්ත්‍ර ගෙන්වන්නේ ඇමෙරිකාවෙන් බවද පොලිසිය කියයි. දැනට පරිහරණය කරන වේගමාපක යන්ත්‍ර කීපයක් භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන අතර ඒ වෙනුවෙන් මෙම වේගමාපක යන්ත්‍ර මෙසේ ගෙන්වන බව පොලිසිය කියයි.
මෙම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ විස්ස ඉක්මවා ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් ‘දිවයින’ ට පැවසීය.
ඇතැම් රියැදුරන් අධික වේගයෙන් වාහන ධාවනය කිරීම නිසා රිය අනතුරු වැඩිවී ඇති බවත් එවැනි රියැදුරන් කොටුකර ගැනීමට මෙම වේගමාපක යන්ත්‍ර අත්‍යවශ්‍ය බවත් පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන