මෙරට පොල් නිෂ්පාදනය ඉකුත් වර්ෂයේ (2024) මුල්මාස දහය තුල දි පොල්ගෙඩි මිලියන 197.4කින් එනම් සියයට 7.5කින් පහත වැටි ඇති බැව් ශ්‍රිලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
2023 වර්ෂයේ මුල් මාස දහය තුල (ජන-වාරි සිට ඔක්තෝබර්) දක්වා මෙරට පොල් නිෂ්පාදනය පොල්ගොඩි මිලියන 2,649.2කි . 2024 වර්ෂයේ මෙම කාලසිමාව තුලදි මෙරට පොල් නිෂ්පාදය පොල්ගෙඩි මිලියන 2,451.8 කි . ඒ අනුව 2023 වර්ෂයේ මුල් මාස දහයට සාපේක්ෂව 2024 වර්ෂයේ එම කාලසිමාව තුලදි මෙරට පොල් නිෂ්පාදනය සියයට 7.5කින් පහත වැටි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.
ඉකුත් වර්ෂයේ (2024) ඔක්තෝබර් මාසය තුල පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 203.8 දක්වා සියයට 24කින් පහත වැටි තිබුණි. 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 268.1කි .ඒ අනුව 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයට සාපෙක්ෂව 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පොල් නිෂ්පාදනය පොල්ගෙඩි මිලියන 64.3කින් පහත වැටි ඇති බවද මෙම වාර්තාවේ සදහන් වේ.