පතල් කර්මාන්තයේ නියැළෙන ප්‍රජාව වෙත රක්ෂණ ක්‍රමවේදයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හඳුන්වා දී තිබේ.
එමෙන්ම පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයන් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. වෙනත් රක්ෂණ සමාගම්වල ඒ වෙනුවෙන් අය කෙරෙන වාරික මුදලට වඩා සහනදායි රක්ෂණ වාරිකයක් අය කර ගැනීමට තීරණ කරමින් මෙම කර්මාන්තයේ යෙදෙන කාර්මිකයන්ගේ අවදානම ආවරණය කිරීමට කටයුතු කර ඇතැයි එම මණ්ඩලය කියයි.
පතල් කර්මාන්තය යනු ඉතා අවදානම් රැකියාවක් වන අතර ජීවිතය පරදුවට තබා එම සේවකයෝ තම රැකියාවේ නිරත වී සිටිති. එම අනාරක්ෂිත භාවය නිසාම පතල් රැකියාවේ නිරත වන තරුණ ප්‍රජාව ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්