චාමර තව කෙටි කාලයක් රෝහලේ – කළුබෝවිල රෝහල් අධ්‍යක්‍ෂ

224

කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතාට තවත් කෙටි කලක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නට සිදුවනු ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය ‘දිවයින’ට ඊයේ (22 දා) ප්‍රකාශ කළාය.

චාමර වීරසිංහ මහතා අසනීප තත්ත්වයක් මත පසුගිය ඉරිදා (17 දා) කළුබෝවිල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුළත් කර තිබිණි.

ඔහුට මේ වනවිට නිව්මෝනියා රෝගී තත්ත්වය පවතින බවත් පරීක්‍ෂණ කිහිපයක් සිදුකර ඇති බවත් තවදුරටත් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බැවින් ටික කලක් රෝහල් ගතව සිටින්නට සිදුවනු ඇති බවත් රෝහල් අධ්‍යක්‍ෂිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment