පොහොට්ටුව අලුත් වෙනකොට මාලිමාව බය වෙලා නාමල් රාජපක්‍ෂ

572

කරුණු තුනක් නිසා ජනතාවට ආණ්ඩුව එපා වෙලා – සරත් වීරසේකර

මීළඟ මැයි දිනය පොහොට්ටුව යටතේ – සී. බී. රත්නායක

මීළඟට රට භාරගන්න ඉන්න නායකයා නාමල් – සාගර කාරියවසම්

රට දැන් නිරාගමිකයන් අතට ගිහින් – ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

මේ ආණ්ඩුව කිසි සංවර්ධන වැඩක් කරලා නෑ – තිස්ස කුට්ටිආරච්චි

අසීමිතව බොරු කියලා පැමිණි වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතා අප්‍රසාදය එන්න එන්නම වැඩිවෙමින් තිබෙනවා…’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ප්‍රසාදය පොහොට්ටුවට ලැබෙනු නියත බවද පැවසූ හෙතෙම ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ පොදුජන මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පැවැති අවස්ථාවේ ඒ මහතා එසේ කියා සිටියේය.

රැවටිල්ල ඉවසුවා ඇති…. දැන් ඉතින්

පොහොට්ටුව අලුත් වෙනකොට මාලිමාව බය වෙලා නාමල් රාජපක්‍ෂ

නැඟිටිමු… යන්න තේමාව කරගෙන එම රැලිය පැවැත්විණි.

නාමල් රාජපක්‍ෂ මහතා මෙසේද කීවේය.

“අද අසීමිතව බොරු කියලා ආපු ආණ්ඩුව බවට වත්මන් ආණ්ඩුව පත්වෙලා තියෙනවා. වැඩ කරන ජනතාවගේ කර මතින් බැහැලා වීථි සටන් කරපු ආණ්ඩුවක් මේ ආණ්ඩුව. අද මේ ආණ්ඩුව වැඩ කරන කම්කරු ජනතාව අමතක කරලා. අද මේ රටේ මිනිස්සුන්ට දරා ගන්න බැරි බදු ප්‍රතිපත්තියක් පටවලා.

අපි බදු අඩුකළා. අපි අදටත් බය නැතිව ආඩම්බරයෙන් කියනවා මිනිස්සු අපහසුවෙන් ඉන්න වෙලාවේ අසීමිතව බදු ගහලා මිනිසුන් අමාරුවේ දැම්මේ නැහැ. ඒකෙ වාසිය අපි මිනිස්සුන්ට දෙන්න උත්සාහ කළා. කොවිඩ් වසංගතයත් එක්ක අපි ගත්ත සමහර තීන්දු තියෙනවා. බහුතරයක් තීන්දු ගත්තේ මේ රටේ ජනතාවගේ හෙට දවස වෙනුවෙන්. ඒක වැරදි විදියට අර්ථකථනය කරන්න උත්සාහ කළා. අදටත් මගේ පෞද්ගලික ජීවිතය තුළ මං සටන් කරනවා අනුර කුමාර දිසානායක ආණ්ඩුව ඇතුළෙම මගේ තාත්තා නිදොස්කොට නිදහස් කරගන්න. ඒ වගකීම අපි ඉටුකරනවා.

අද අපේ පක්‍ෂය අලුත් වෙලා තියෙනවා. අලුත් පරම්පරාවකට මේ පක්‍ෂය දොර ඇරලා තියෙනවා. බොහෝ අය අපට චෝදනා කළා මේක රාජපක්‍ෂලාගේ පක්‍ෂය කියලා. සමහරු කිව්වා රාජපක්‍ෂලාගෙන් පිට කාටවත් තනතුරු හම්බවෙන්නේ නැහැ කියලා. හැබැයි මේ පක්‍ෂය ගොඩනැඟුවේ මේ රටේ ජනතාවයි. අපි බෞද්ධ කඳවුර ආරක්‍ෂා කරනවා.

“අද අපි අලුත් වෙනකොට මාලිමා ආණ්ඩුව බයවෙලා. අපට මඩ ගහන්න පුළුවන්. බොරු සාක්‍ෂි හදන්න පුළුවන්, ආණ්ඩුවට අපි කියනවා ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන්න කියලා. උපාධිධාරීන්ට රැකියා දෙනවා කියපු ආණ්ඩුව අද ඒ වැඩේ කරඅරිමින් ඉන්නවා.

“අපි මේ රටට ද්‍රෝහීකම් කරන පක්‍ෂයක් නෙවෙයි. අපි එක්ක එකතු වෙන්න එන්න කියලා, පෙළගැහෙමු කියලා ආරාධනා කරනවා.

පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් කුමාර මහතා –

මහින්දගේ මිනිස්සු කවදාවත් වැටුණේ නැහැ. ආණ්ඩුව හිතනවා මහින්දගේ මිනිස්සු වැටිලා කියලා. මහින්දගේ මිනිස්සු වැටෙන්නෙ නැහැ. මහින්දගේ මිනිස්සුන්ව වට්ටන්නත් බැහැ. ඒ තමයි මේ බිමේ ඇත්ත කතාන්දරය.

හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා –

ඉතාම කෙටි කාලයකින් ජනතාවගේ අප්‍රසාදයට දැඩි පිළිකුලට ලක්වෙච්ච රජයක් වෙන නැති තරම්. ඒ විශේෂ කරුණු නිසා පළවැනි එක කරන්න බැරි දේ කරන්න පුළුවන් කියලා කියමින් ජනතාව කුපිත කරවීම. දැන් ජනතාව හොඳින් දන්නවා ඔවුන්ගේ බොරු.

දෙවැනි එක තමයි රටේ සංස්කෘතියට සභ්‍යත්වයට හානි කරන සහ බුද්ධ ශාසනයට අගෞරව කරන මැති ඇමැතිවරු මේ ආණ්ඩුවේ සිටීම. ඒ පණිවිඩය ජනතාවට සම්ප්‍රේක්‍ෂණය වෙලා.

තුන්වැනි එක තමයි රටේ ජාතික ආරක්‍ෂාව, ස්වෛරීත්වය පාවාදීම.

පොහොට්ටුව අලුත් වෙනකොට මාලිමාව බය වෙලා නාමල් රාජපක්‍ෂ

හිටපු කම්කරු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා –

අපේ ගම්වල මිනිස්සු බැංකුවල රස්තියාදු වෙනවා. අපේ විශ්‍රාමිකයන්ගේ බැංකු පොලියෙනුත් 10%ක් කපාගන්නා ආණ්ඩුවක් දැන් තියෙන්නෙ.

අද හැම බැංකුවක්ම අහිංසක මිනිස්සුන්ගෙන් පිරිලා. ඒ අයට දැන් තේරිලා තියෙනවා මේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ කයිවාරු ගැහුවට ස්ථිර දෙයක් වෙලා නැහැ. මේ බොරුකාර ආණ්ඩුව අපේ රට විනාශ කරගෙන යනවා. මේ තත්ත්වයෙන් රට මුදාගන්න ලබන 06 වැනිදාට පොහොට්ටුවට ඡන්දය දීලා අපිට බලය ලබා දෙන්න.

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා –

ජනතාවගේ දුක් නිවනවා කියපු මේ ආණ්ඩුව අඳුරේ අතපත ගාණ වෙලාවකයි ඉන්නේ. ඊළඟ මැයි දිනය සමරන්නේ අපේ රජයක් යටතේ. මේ ආණ්ඩුව වගකීම් ඉටුකරලා නැහැ.

රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි –

“අද මේ රට නිරාගමිකයන්ගේ අතට ගිහිල්ලා. දළදා ප්‍රදර්ශනය පටන් ගත්තා. මිනිස්සු හය දෙනෙක් මළා. 400ක් ඉස්පිරිතාලේ. වගකියන්න එකෙක් නැහැ. දැන් මහානායක හාමුදුරුවන්ට බණිනවා. කරන්න බැරි එකාට කරන්න බැහැ. මගේ රටේ අනාගතය තියෙන්නේ ඔබේ අතේ. මේ නාඩගම් ඉවර වෙන්න ඕන.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා –

අද ජනතා විමුක්ති පෙරමුණේ බොරුව, වැඩ බැරි බව සාක්ෂාත් වෙමින් තිබෙනවා. හෙට වෙනකොට 2029 වෙනකොට මේ රටට අවශ්‍යයි මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් නායකයෙක්. නව තාක්‍ෂණය සම්බන්ධයෙන් දැනුම තියෙන නායකයෙක්. රටට ආදරය කරන ඔබට ආදරය කරන නායකයෙක්. දර්ශනයක් තියෙන නායකයෙක්. ස්වභාවධර්මයා විසින් ඒ නායකයා නිර්මාණය කරමින් පවතිනවා. නාමල් රාජපක්‍ෂ ඔබයි මේ රට භාරගන්න ඉන්න ඊළඟ නායකයා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා –

“නාමල් රාජපක්‍ෂ මැතිතුමා අනාගත ජනාධිපතිතුමා, තාත්තා නතර කරපු තැනින් පටන් ගන්නවා විශ්වාසයි. එදා ගමේ බෝක්කුව ඇල්ලුවා. එදා පාර හැදුවා. ගම සංවර්ධනය කළා. හැබැයි මේ ආණ්ඩුව ඇවිත් මාස 6යි. අද කිසිම සංවර්ධනයක් මේ ආණ්ඩුව කරන්නේ නැහැ.

පොහොට්ටුව අලුත් වෙනකොට මාලිමාව බය වෙලා නාමල් රාජපක්‍ෂ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා –

ගෙවල්වලට යද්දී අපිට කියනවා මෙහෙම කතාවක්. ඊළඟට එන්නේ නාමල් මහත්තයා කියලා. මේ රටේ ඊළඟ නායකයා නාමල්, නාමල් නාමල් කියලයි කියන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා –

“මාලිමා ආණ්ඩුව පත්වෙලා මාස 7ක් යන්න කලින් මේ නුගේගොඩ පොහොට්ටුවෙන් පිරී ඉතිරී ගිහින් තියෙනවා. අනුර දිසානායක 2/3 බලය ගත්තු පාර්ලිමේන්තුවයි අද ජනතාවට එපා වෙලා තියෙනවා. ජනතාව රැවටුණා කියලා අද තේරිලා තියෙනවා.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ඡායාරූප – තුෂාර අතපත්තු


advertistmentadvertistment