ප‍්‍රමාණය ඉක්මවා මගීන් ගෙන යන බස්වල බලපත‍්‍ර තහනම් කරනවා – රාජ්‍ය ඇමැති දිලූම් අමුණුගම

155

අද (04 දා) සිට මගී ධාරිතාව ඉක්මවා සිටගෙන මගීන් ප‍්‍රවාහනය කරන බස් රථ අත්අඩංගුවට ගැනීමටත්, එම මාර්ග බලපත‍්‍ර තහනම් කිරීමටත් තීරණය කර ඇති බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම මහතා පවසයි.

පෙරේදා (02දා) ධාවනය කරවීමට සැලසුම් කළ බස් රථ හයදහසක් අතරින් ධාවනය කළ හැකි වූයේ බස් රථ 900 ක් වැනි සුළු ප‍්‍රමාණයක් බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

බස් රථ සේවකයන් බොහෝ පිරිසක් කියාවලින් ඉවත්වී වෙනත් රැුකියාවල නිරත වන බවද හෙතෙම පැවසීය.

රට විවෘත කළද අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදී ඇති ලංගම බස් රථ අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කරන තෙක් නොකඩවා ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා
 


advertistmentadvertistment