මෑත කාලීනව නවකවධය පිළිබඳ ඇතැම් සිදුවීම්වලට හේතුව අදාළ ආයතනවල රාජකාරි පැහැර හැරීම් බවත්, ඒ සඳහා අදාළ නිලධාරීන් වගකිව යුතු බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙම තත්ත්වය මගහරවා ගැනීමට අවශ්‍ය සියලු නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද එම නිවේදනයෙන් ඉල්ලා තිබෙන අතර සබරගමු සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් සිය කණස්සල්ල ද පළකර තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්