ඉතිහාසයේ අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී යයි
ශ්‍රී ලංකා පළමු ඉනිම 42කට සීමා වෙයි
ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පෙරේදා (27දා) දකුණු අප්‍රිකාවේ කිංග්ස්මේඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 191ක් ලබාගැනීමට සමත් විය. එහිදී විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක ටෙම්බා බවුමා ලකුණු 70ක් ලබාගැනීම කැපී පෙණුනි.
මෙහිදී පන්දුවෙන් දස්කම් දැක්වූ අසිත ප්‍රනාන්දු කඩුලු 3ක්, ලහිරු කුමාර කඩුලු 3ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2ක් බිඳහෙළීය.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 42ක් පමණි. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ඉනිමකදී දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා විය.දකුණු අප්‍රිකානු වේග පන්දු බලඇණිය හමුවේ අන්ත අසරණ වූ ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනා ලකුණු 42ක් වැනි ඉතා අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගන්නට දකුණු අප්‍රිකා පන්දු යවන්නෝ සමත්විය.
පළමු ඉනිමේ දී පන්දුවෙන් දස්කම් පෑ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණ රටාව යළි යළිත් මව්බිමෙන් පිටත දී පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජාත්‍යන්තර ටෙස්ට් ඉතිහාසයේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ඊයේ (28දා) වාර්තා කළේය.
මීට පෙර ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයක දී දැවී ගොස් ඇති අවම ලකුණු සංඛ්‍යාව වන්නේ ලකුණු 71කි. ඒ සිය මව්බිමේ දී පාකිස්තානයට එරෙහිව 1994 වසරේදීය.
නමුත් ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටතදී ක්‍රීඩා කළ ටෙස්ට් තරගයක දී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද ඊයේ අලුත් කරගන්නට සමත් විය.
මීට පෙර මව්බිමෙන් පිටත දී ශ්‍රී ලංකා කණ්ඩායම 1990 දී චන්ඩිග්‍රාර්හි දී ඉන්දීය කණ්ඩායම හමුවේ ලකුණු 82කට දැවී ගොස් තිබිණි.
එම සීමාව ද අබිබවා යමින් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේ දී පළමු වරට දේශයෙන් පිටත ටෙස්ට් තරගයක දී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව සේම, දකුණු අප්‍රිකාව හමුවේ ටෙස්ට් තරගයක දී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය වේ.
මීට පෙර ශ්‍රී ලංකාව කේප්ටවුන් හි දී දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 95කට 2001 වර්ෂයේදී දැවී ගොස් තිබූ අතර, ඉන් අනතුරුව 2017 දී දකුණු අප්‍රිකාවට ම එරෙහිව කේප්ටවුන් හි දී ලකුණු 110කට දැවීගොස් තිබිණි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ බලාපොරොත්තුව තවදුරටත් ඈත් කරමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කළ දකුණු අප්‍රිකාවේ මාකෝ ජැන්සන් ලකුණු 13කට කඩුලු 7ක් දවාගැනීමට සමත්විය.
මීට පෙර ජැන්සන් ටෙස්ට් තරගයක දී විශිෂ්ටතම පන්දු යැවීම වූයේ ලකුණු 35කට කඩුලු 05ක් වන අතර ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 13කට කඩුලු 7ක් දවාගැනීම විශේෂ සිදුවීමක් විය. ජැන්සන්ට අමතරව කේට්සි කඩුලු 02ක් සහ රබාඩා එක් කඩුල්ලක් දවාගැනීමට සමත්විය.
ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණ රටාවත්, නවක ක්‍රීඩකයන්ගේ අවිශ්වාසී ප්‍රහාරයනුත් අද තරගයේ කැපී පෙනෙන සිදුවීමක් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන්ම දැවී රැස් කළේ ලකුණු 42ක් පමණක් වන අතර කමිඳු මෙන්ඩිස් හැර කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට ලකුණු 10 සීමාව පසුකර නොයෑමද විශේෂ සිදුවීමක් විය.
පළමු ඉනිමේ ලද ලකුණු 149ක වාසියත් සමග සිය දෙවැනි ඉනිම ආරම්භ කළ දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා සිටි අතර පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 46 කට කඩුලු 2ක් සහ විශ්ව ප්‍රනාන්දු ලකුණු 33කට 1 කඩුල්ලක් බිඳහෙළීය. පන්දුවට පහර දීමේදී ඒඩ්න් මාක්‍රම් ලකුණු 47ක්, ටෝනි ඩි ලකුණු 17ක්, විආන් මුල්ඩර් ලකුණු 15ක්, ටෙම්බා බවුමා නොදැවී ලකුණ 24ක් සහ ටී්‍රස්ටන් ස්ටැබ්ෂ් නොදැවී ලකුණු 17ක් ලබා කඩුල්ලේ රැඳී සිටියේය.
සිසිර ඉන්ද්‍රජිත්
සංස්කරණය – සුසිල් ජයකොඩි