● සජබ තලවකැලේ ● පොහොට්ටුව නුගේගොඩ
ජාතික කම්කරු දිනය වෙනුවෙන් ජාතික ජනබලවේගය ආණ්ඩුව විසින් පවත්වනු ලබන මැයි රැලිය ලබන බ්‍රහස්පතින්දා (මැයි 01 දා) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පවත්වන මෙම මැයි රැලිය සඳහා පෙළපාලියක් පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැත.
මේ අතර සමගි ජන බලවේගය මැයි දින රැලිය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එහි ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තලවකැලේ නගරයේදී පැවැත්වීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශ්වය ඔහුගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ද මැයි රැලි පැවැත්වීමට දැනට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය මෙතෙක් මැයි රැලියක් සංවිධානය කිරීමට කටයුතු කර නැත. මෙරට දේශපාලන පක්ෂ සහ සංවිධාන රාශියක් දිවයිනේ විවිධ ප්‍රදේශවල මැයි රැලි පැවැත්වීමට මේ වන විටත් තීරණය කර ඇත.
අකිත පෙරේරා