රටට වටිනා දරුවන් අහිමි කරන නවකවධය තුරන් කරන්න – ස්ටාලින් රජයෙන් ඉල්ලයි

108

සමාජයේ දියුණුවත් සමග විශ්වවිද්‍යාලවලින් පාසල්වලින් සහ සෑම ආයතනයකින්ම නවකවධය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට කටයුතු කරන ලෙස තම සංගමය ඉල්ලා සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා ඊයේ (06) ‘දිවයින’ට පැවසීය.

නවකවධය විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දිගින් දිගටම සිදුවන බවත් ඒ හේතුවෙන් රටට වටිනා දරුවන් අහිමි වන බවත් පවසන ඒ මහතා මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියලු දෙනාගේත් රජයේත් අවධානය යොමු කර වහාම නවකවධය සම්පූර්ණයෙන් තහනම් කරන ලෙස ඉල්ලා සිටී.

ධර්මසේන වැලිපිටිය


advertistmentadvertistment