රාජ්‍ය අංශයේ හොඳම මල් වත්තට හිමි කුසලානය නුවරඑළිය ලංකා බැංකුවට

51

සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තයට සමගාමීව වාර්ෂිකව සංවිධානය කරනු ලබන සුන්දර නුවරඑළිය වසන්ත මල් දැක්මේ හොඳම රෝස මල් වත්තට හිමි කුසලානය සහ රාජ්‍ය අංශයේ හොඳම මල් වත්තට හිමිකුසලානය නුවරඑළිය ලංකා බැංකුව විසින් දිනා ගනු ලැබීය.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණු වසන්ත මල් දක්නම සඳහා නුවරඑළිය රාජ්‍ය හා පෞද්ගලික ආයතන හෝටල් සංගම් හා පෞද්ගලික තරගකරුවන් ගෙවතු හා කැපු මල් වශයෙන් පැවැත්වූ තරග අංශ සඳහා සහභාගි විය. එහි ත්‍යාග ප්‍රධාන උත්සවය නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් ධනංසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණ අතර එහිදීම රාජ්‍ය අංශය හොඳම මල්වත්තට සහ හොඳම රෝස මල් වත්තට හිමි සම්මානය නුවරඑළිය ලංකා බැංකු විසින් දිනා ගනු ලැබීය.

එයට අදාළ කුසලානය සමග ලංකා බැංකු සහකාර මහ කළමනාකරු මධ්‍යම පළාත් දමිත් ඒකනායක ප්‍රාදේශීය කළමනාකරු පී. විශ්වනාදන් හා ශාකා කළමනාකරු ඩබ්ලිව්. ආර්. සී. සේනාධිනායක යන මහත්වරුන් ලබාගත් කුසලාන සමග ලංකා බැංකු මල්වත්තේ සිට පෙනී සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

නාලක රත්නායක – නුවරඑළිය


advertistmentadvertistment